🌸1 Chapter 🌸

617 63 29
                                    

Love in the moonlight - Chapter 1

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

"මිස්ටර් හන්..ගොඩක් ස්තූතියි අපිත් එක්ක මේ වැඩේට එකතු වුණාට.."

"මමයි ඔයාට ස්තූති කරන්න ඕන..ඔයා වගේ කෙනෙක් අපේ කම්පැනී එකේ ඩීල් එකකට කැමති වුණ එකම ලොකු දෙයක්..! "

"මාව ඔච්චර අගයන්න එපා..! "

සුලු සිනහවකින් සංග්‍රහ කරපු ඔහු ආචාර කලේ දෙකට නැමිලා. ඇත්තෙන්ම ඔහුව අගය කරන එකේ කිසිම වරදක් නෑ. මොකද ඒ තරම් ඔහු දක්ෂයි. ව්‍යාපාර ලෝකයට නම් ඔහු ගොඩක් සුවිශේෂි පුද්ගලයෙක්..මිස්ටර් හන් සමග තවත් ටික වෙලාවක් කාලය ගත කරපු ඔහු එතනින් පිටවුණේ ගොඩක් ආඩම්බරෙන්.ඒ තමන් ගැන..!!

ඔහු නමින් ජොන් ජන්කුක්. කඩවසම් රුවකට හිමිකම් පෑ ඔහු වයස විසිඅටක තරුණයෙක්. නැත්නම් ස්වාමිපුරුෂයෙක්.ආදරණීය සහෝදරයෙක්.වගකීම් වලින් පිරිච්ච ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්..

පිටිපස්සේ සීට් එකෙන් කාර් එකට නැගපු ජන්කුක් ඇස් පියාගෙන ශරීරේ බර ශීට් එකට දුන්නේ යම් සහනයක් බලාපොරොත්තුවෙන්. දැනටමත් වේදනාවෙන් ඇදුම් කන ඔලුව ජන්කුක්ට ලොකු අපහසුවක් වෙලා තිබුණා. නලල දෙපැත්ත අතකින් මිරිකලා චුට්ටක් ඇස් පියාගත්තේ ඇදන් හිටපු සුදු ෂර්ට් එකේ බොත්තම් ඇරලා හුලග විදින ගමන්මයි..

ඒත් වැඩි වෙලාවක් ඒ නිදහස තිබුණේ නැත්තේ අතීත මතක ඔලුවේ සැරිසරන්න ගත්ත නිසා. සමහරවිට ඒවා වේදනාකාරි ඇති. නැත්නම් ගොඩක් සතුටු මතක වෙන්නත් පුලුවන්. කොහොම වුණත් ජන්කුක්ට මේ වෙලාවේ අවශ්‍ය වෙලා තිබුණේ නිදහසක්.හිතට සහනයක්..!

" සර්..බහින්න "

"ම්ම් "

කාර් එකෙන් බැහැපු ජන්කුක් දැක්කේ දැනටමත් තමන්ව පිලිගන්න ගේ ඉස්සරහ ඉන්න දෙන්නව. අවුල් වෙලා තිබුණ කොණ්ඩේ පිටිපස්සට කරපු කොල්ලා හෙමීට අඩිය තියලා ආවේ දොර ගාව ඉන්න දෙන්නා දිහාවට. ගෙට ඇතුලු වෙන්නත් කලින් ජන්කුක් අතේ තිබුණ බෑග් එක ගත්ත ගෑණු කෙනා හිනාවෙලා ඇතුලට යද්දී ජන්කුක්ගේ අතට පැන්නේ චූටි බට්ටියක්..

"මොකෝ ම්ම්..?? "

තමන්ගේ බෙල්ල අස්සේ උණුසුම හොයන චූටි පැටික්කිගෙන් ජන්කුක් ඇහුවේ ඒ චූටි කම්මුලක තමන්ගේ නහය අතුල්ලන ගමන්. ඒවා ගොඩක් සිනිදුයි. ස්පොන්ච් එකක් වගේ. ජන්කුක් ආසම බෝල කම්මුල් චූටි පැටික්කිට වගේම එයාගේ ඔම්මටත් ඒ විදිහටම පිහිටලා තිබුණා..

Love In The Moonlight  [ JJK  ]Where stories live. Discover now