🌸 7 Chapter 🌸

258 48 6
                                    

Love in the moonlight - Chapter 7

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

" ඔප්පා ! මොකද කිව්වේ ඩොක්ටර්? අවුලක් නෑ නේද එයාට? එයා හොදින් නේද? "

ජන්කුක්ගෙන් එක දිගට යුමී ප්‍රශ්න අහනකොට කොල්ලා කලේ මින්හී දිහාම බලාගෙනම හිටපු එක. Depression? කොහොමද එහෙම දෙයක් හිතන්නෙවත්? ජන්කුක්ට දැනුනේ ඇගම පණ නැතුව යනවා වගේ හැගීමක්.තමනුත් මේවට වගකියන්න ඕන! එයාට එහෙම වෙන්න කොල්ලත් හේතුවක්!!

"ජන්කුකා මොකක්ද වුණේ? "

"මට ටිකක් නිදහසේ ඉන්න ඕන හියුන්ග්! "

"ම්ම් හරි අපි එලියෙන් ඉන්නම්.අවුලක් වුණොත් කතා කරපන් හාද??"

ජන්කුක් ඔලුව වනනකොට ටේ වගේම යුමීත් එලියට ගියේ හිතකින් නෙවේ.ඒත් ඒක ජන්කුක්ගේ අයිතියක්!  ඒකට විරුද්ධ වෙන්න එයාලාට බෑ..!මොකද ඒ දෙන්නා නීතියෙන් සැමියා බිරිද බවට පත් වෙලා ඉවරයි!

"මම මහ නරක මනුස්සයෙක් නේද? මට බැරිවුණා එක සැරයක්වත් ඔයාව සතුටින් තියන්න මැණික! මම මහ බොරුකාරයෙක්.ඒත් මාව දාලා යන්න එපා! මම ඔයාට ආදරෙයි.කියාන්න බැරි තරමට!! මම ඔයාට රිද්දනවා තමයි.ඒ ඔයා වෙනුවෙන්නේ රත්තරන්! චේබල් මියානේ! චොම්මල් මියන්හේ "

ජන්කුක් මින්හීගේ අල්ලට හාදුවක් දෙන ගමන් කිව්වේ එක අතකින් කම්මුල පිරිමදින ගමන්.මින්හීගේ සියුමැලි හම පසාරු කරගෙන ගහලා තිබුන සේලයින් කටුව ගහලා තිබුණ අත අරගෙන ඒක තොල්වලට තද කරගත්තා ජන්කුක් ඇස් පියාගෙන එයාලාගේ අතීත මතක ගොඩක් අස්සේ හිරවෙලා ගියේ නොදැනුවත්ව මයි....

Flash Back..

"ආශ් මොනාද හියොන්ග්..? ඒ කෙල්ල ඇරෙන්න වෙන්න කෙල්ලෝ නැද්ද අනේ?? ඒකි කරන්නේ කරාටි! ගැහුවොත් එහෙම.?? "

"මම දන්නවා එයා මට කැමතියි.අද නම් අතාරින්නෑ.මම එයාට ආදරෙයි කියලාමයි නවතින්නේ!! "

"ඕන මගුලක්.මට බෑ එන්න!"

"මේන් මෙහෙ වරෙන් යන්න.."

"අන්ද්වේ මට බෑඈඈඈඈ "

ජන්කුක් බෑ කියද්දී ම කොල්ලව ටේහියුන්ග් ඇදන් ගියේ මරන්න යනවා වගේ.කොල්ලා බෑ කියන ගානේ ටේහියුන්ග් ඇදන් යනවා.

Love In The Moonlight  [ JJK  ]Where stories live. Discover now