Love in the moonlight - Chapter 4
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
"මින්හී..! පිස්සු හැදිලද ආ??
කතා කරනවා මින්හී!!"
ජන්කුක් මින්හීගේ අතේ තිබුණ බ්ලෙඩ් එක වේගෙන් නමුත් තුවාල නොවෙන විදිහට අයින් කරලා පැත්තකට විසික්කා.ඒත් එක්කම තාමත් තමන්ගේ අතේ මැණික් කටුව පදිහා ඔහේ බලාගෙන ඉන්න මින්හීව හොලවන්න ගත්තේ පිස්සෙක් වගේ...
"මට මැරෙන්න ඕන..! "
විනාඩි කිහිපයකට පස්සේ මින්හීගේ දුර්වල කටහඩ අවදි වුණත් ඒ වචන ජන්කුක්ව බාගෙට මරලා දැම්මා..ජන්කුක් තද හුස්මක් අරගෙන මින්හීව අල්ලන්න හැදුවත් කෙල්ල කරේ පිටිපස්සට වුණ එක..
"මින්හී අහ- "
"මාව අල්ලන්න එපා! මම ජරා ගෑණියක්! "
මින්හී ඒ විදිහට කියනකොට ජන්කුක්ට හීල්ලුනා.මින්හී කියන වචන ඒ තරම්ම දරුණුයි! ඇයි ඒ තරම්ම කෙල්ල දරුණු වුණේ..?
"මින්හී මැණික මම- "
"මම මැණිකක් නෙවේ ජන්කුක්!! "
මින්හී කෑගැහුවා.ඒ සැනින්ම මින්හී අතට අහුවෙන හැම එකක්ම පොලේ ගැහුවා.හයියෙන් කෑගැහුවා.. ඇඩුවා.බොඩිලෝශන්ස්, ශැම්පු බෝතල් පවා කෙල්ල පිස්සියෙක් වගේ විසික් කලා.ජන්කුක්ට මේ වෙන දේවල් තාම හිතාගන්න බෑ!
අවසානේ කෙල්ල තමන්ගේ කොණ්ඩෙ තදින් ඇදගෙන ශවර් එක යට ඉදගෙන හයියෙන්ම අඩන් වැටෙද්දී ජන්කුක් කෙල්ලව බදාගත්තා.මින්හී ජන්කුක් ගැලවෙන්න දගලන වාරයක් පාසා කොල්ලා කෙල්ලව ලගට ගත්තා..
"මාව අතාරිනවා මිස්ටර් ජියෝන් ජන්කුක්!!! මම මිනීමරුවෙක්..! මට මැරෙන්න දෙනවා "
"ශ්ශ් මින්හ- "
"කට වහනවා!! අතාරිනවා මාව "
ජන්කුක්ව පැත්තකට තල්ලු කරපු කෙල්ල ලග තිබුණ වීදුරු කෑල්ලක් අතට අරගන්නකොට ජන්කුක් ඒක ඇදලා ගන්න ගියත් කෙල්ල ඒක අල්ලටම තද කරගෙන මිරිකගත්තේ වීදුරු කටු හම පසාරු කරගෙන යනකොට..
"ඕක අතාරිනවා මින්හී..තමුන්ට පිස්සුද..?? "
ජන්කුක් කෙල්ලගේ අත බලෙන්ම අරගෙන වීදුරු කෑල්ල විසික්කලා මින්හී දිහා බලනකොට කෙල්ල ලේ ගලන අත දිහාම බලන් හිටියා..
![](https://img.wattpad.com/cover/319715608-288-k982380.jpg)
BINABASA MO ANG
Love In The Moonlight [ JJK ]
Fanfictionජීවිතේ සමහර අවස්ථා තියෙනවා කෙනෙක්ගේ සතුට වෙනුවෙන් අපේ සතුට අතාරින්න සිද්ධ වෙන..! ඒ වගේ වෙලාවට මැරෙන්න තරම් වේදනාවක් දැනුනත් හැම ප්රශ්නයක් ම දරාගෙන ඉස්සරහට යන්න පුලුවන් නම් හැමදේකම අවසානේ හොදින් සිද්ධ වෙවී..හරියටම ජන්කුක්ගේ ජීවිතේ වගේ..!! 🌸🌸🌸🌸🌸...