🌸3 Chapter🌸

231 44 10
                                    

Love in the moonlight - Chapter 3

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

"බය වෙන්න දෙයක් නෑ ! මම කිව්ව දේ තමා..වැඩියෙන් ඩ්‍රින්ක්ස් අරගෙන කොල්ලෝ ! ඔලුවටත් බේත් ටිකක් දැම්මා.."

"කුමාවෝ හියුන්ග් "

"තව ටිකකින් සිහිය එයි.ඒත් එයාගේ මත් ගතිය තියෙයි. එයාව වොෂ් කරවන්න..මන් කිව්වේ නාවන්න..එතකොට එයාගේ ඔලුව බර ගතිය යයි.."

"හරි "

ජන්කුක් අත් දෙකත් පපුවට බැදගෙන බලන් හිටියේ ඇදේ නිදියගෙන ඉන්න මින්හී දිහා. ඩොක්ටර් කෙනෙක් වුණ ජින් එතනින් යද්දී ජන්කුක් මින්හී ලගින් ඉදගත්තේ කෙල්ලගේ අතක් තමන්ගේ අත් වලින් පිරිමදින ගමන්.මින්හීගේ නලලට හාදුවක් දුන්න ජන්කුක් කෙල්ලව තුරුලු කරගත්තේ කෙල්ල නැගිටින වෙලාවට වෙනම ස්වරූපයක් ගන්න වෙන නිසා..

ජන්කුක් කැමති කෙල්ල මෙහෙම නිදියගෙන ඉන්නකොට.මොකද එතකොට ජන්කුක් ට කෙල්ල ලගම හිටියහැකි . තමන්ට ඕන විදිහටම..!ඒක ජන්කුක්ගේ අසරණකම..

"සමාවෙන්න මින්හීයා.ඔයාව අඩවනවට! ඒත් ඒක කරන්නේ ඔයා වෙනුවෙන් මයි..දවසක ඔයා තේරුම් ගනී ඒක .."

කෙල්ල පොරොවගෙන ඉන්න බ්ලැන්කට් එක හරියට හදලා මින්හීගේ තොල් අතර හාදුවක් රදවපු ජන්කුක් එතනින් ගියේ දෙන්නම තාම කාලා නෑ කියලා මතක් වෙද්දී..යන්න ගියපු ජන්කුක් ආයෙමත් සැරයත් මින්හී දිහා බැලුවේ තමන් එවෙලේ මින්හී ලගට නොගියා නම් වෙන දේ ගැන හිතලා..
.
.
.
.
.
.
.

2 hours ago
@ Party

"මින්හී ඇස් අරිනවා..මොකක්ද වුණේ?? මින්හී නැගිටින්න මැණික මාව බය කරන්නැතුව ! "

ජන්කුක් මින්හීගේ කම්මුල්වලට තට්ටු කරන ගමන් කතා කරත් කෙල්ලගෙන් ලැබුනේ සිහින් කෙදිරිල්ලක් විතරයි.ජන්කුක් කෝට් එක ගලවලා කෙල්ලට ඇන්දෙව්වේ කෙල්ල සැරෙන් සැරෙට වැටෙන්න යනගානේ අල්ලනගමන්..කෙල්ලවත් හරහට වඩාගෙන යන්න හැදුවත් ජන්කුක් නැවතුනේ පිටිපස්සෙන් ඇහුන කටහඩට..

"ඕහ් ජන්කුක් "

ජන්කුක්ට වෙලා තියෙන දේ තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.මින්හිව පුටුවකින් ඉන්දලා ඔලුව මේසෙට බර කරපු කොල්ලා එතන හිටපු කෙනාගේ බෙල්ලෙන් අල්ලගත්තේ ඇස් රතු වෙලා නහර ඉලිප්පෙනකොට!

Love In The Moonlight  [ JJK  ]Where stories live. Discover now