🌸 15 Chapter 🌸

224 47 19
                                    

Love in the moonlight - Chapter 15

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

"ජ..ජන්කුක් "

ඔලුවෙන් තද වේදනාවක් දැනෙනකොට මින්හී කෙදිරි ගාන ගමන්ම ජන්කුක්ව හෙව්වා. ඒත් තමන් ඉස්සරහ ජන්කුක් වෙනුවට යුමී ඉන්නවා දකිනකොට කෙල්ල ආයෙමත් ඇස් තද කරලා පියාගත්තා.

නොනවතින ඔලුවේ වේදනාවයි කවදාවත් නැතුව යටිබඩ හරියෙන් අමුතුම වේදනාවක් එනකොට කෙල්ල ටිකක් හයියෙන් හුස්ම ගත්තා..

"මි-මින්හී!! ඔයා හොදින්ද ලමයෝ.. ඉන්න මම ඩොක්ටර්ට කතා කරන්නම්.."

යාන්තමට කෙදිරිගාන ගමන් ඉන්න මින්හීගේ ඔලුව අත ගාපු යුමී දුවලා එතනින් යනකොට මින්හී හැගීමක් නැති විදියට සිවිලිම දිහා බැලුවේ ඇස් අගින් කදුලක් වැටෙනකොට.

වම් අතේ මැණික් කටුව ගාව හිරිවැටිලා වගේ දැනෙනකොට කෙල්ල ඒ පැත්තට ඇස් හැරෙව්වා. හම සිදුරු කරලා ගහලා තියෙන සේලයින් කටුවත් නහයට දැනෙන බේත් සුවදත් එක්ක කෙල්ලට තේරුනා එයා ඉන්නේ හොස්පිටල් එකේ බව..

තවත් ටිකකින් ඩොක්ටර් කෙනෙක් යුමි..තේහියුන්..හේමි..හෝසොක්..වගේම ජන්කුක්ගේ ඔම්මත් ඉන්නවා කෙල්ල දැක්කා. ඒත් කෙල්ලගේ ඇස් දුකින් පිරුනේ එතන ජන්කුක් නෑ කියලා දැනෙනකොට.. අඩුම මේ වගේ වෙලාවකදිත්?

"යු-යුමී..ජන්කුක්? "

ඇස්වල කදුලු පුරවගෙන තමන්ගෙන් ජන්කුක් ගැන අහන මින්හීව දැක්කාම කෙල්ලට දැනුනේ පපුව ගිනිගන්නවා වගේ හැගීමක්. මේ එයාගේ යාලුවා.සහෝදරිය.

"එයා බිස්නස් වැඩකට එලියට ගියා මින්හී!! "

අහක බලාගෙන ටේහියුන් කීවේ කෙල්ලගේ මූණ බලන් කියන්න තරම්  හයියක් කොල්ලට නැති හින්දා.මින්හීගේ ඇස් වැහිලා ගියේ දැනුන වේදනාව ඉවසගන්න තරම් හයියක් එයාට නොතිබුණ නිසා..

එයා පිටවෙන්න යන ඉකිය නවත්තගන්න යටිතොල හපාගත්තේ අත් මිට මොලවන ගමන්. ඔලුවෙන් සහ යටිබඩෙන් දැනෙන වේදනාවට වඩා හදවත රිදුම් දෙනකොට එයා ඇස් පියාගෙන සන්සුන් වෙන්න බැලුවා..

"බබී!! "

නොසිතුව විදිහට සූහි දොරත් ඇරගෙන එලියට එනකොට මින්හී ඇස් ඇරලා ඒ පැත්ත බැලුවත් කෙල්ලගේ ඇස් දිලිසුනේ ඒ එක්කම ජන්කුක් දොර ඇරගෙන ආපු නිසා.

Love In The Moonlight  [ JJK  ]Donde viven las historias. Descúbrelo ahora