Love in the moon light - Chapter 12
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
"යු-යුමී!! "
බාත්රූම් එකේ ඉදන් එලියට ආපු මින්හී එක පාරටම ටිකක් සද්දෙන් කෑගැහුවේ එයාගේ ඇද උඩ ඉදන් ඉදපු යුමීව දැකලා..
පුදුම නොවී තියේද හොල්මනක් වගේ මේ විදියට ඇද උඩ ඉදගෙන ඉද්දී. ඒකත් නොකියම ඇවිත්ලා..ඊට එහාපැත්තේ සෝෆා එකේ ටේහියුන් වගේම ජන්කුකුත් හිටියා!!
"හේයි මින්හී..!! "
යුමීත් දුවලා ඇවිත් කෙල්ලව බදාගන්නකොට මින්හීව චප්ප වෙලා ගියා! ඒත් ඒක ගාණකට නොගෙනම මින්හීත් කෙල්ලව ආපිටට බදාගත්තේ දෙන්නගේ සතුට ප්රකාශ කරන ගමන් මයි...!!
"කොහොමද මින්හී?? මේ ජන්කුක් ඔයාට උණ කිව්වේ ඇත්තද ?? ඔය අපූරුවට ඉන්නේ?? "
ටේහියුන් අහනකොට යුමීගේ උරහිස උඩින් පේන ජන්කුක් දිහාවට ඇස් යවපු මින්හී දැක්කේ බෙල්ල දිහා අතගාන ගමන් තමන් දිහා බලාගෙන ඉන්න ජන්කුක්ව..
"එයාට උණ තමයි මෝඩයෝ.. මේ ඇගත් රස්නෙයි..මේ බලනවා මූණත් සුදුමැලිවෙලා "
යුමී ටේහියුන්ට පුප්පන ගමන් කෙල්ලගේ මූණට ඇන ඇන පෙන්නනකො මින්හීට හිනත් යනවා. ඒ දෙන්නගේ ආදරේ මුල ඉදන්ම ගලන් ගියේ වලි මැද්දෙන්නේ ඉතිම්..
"අනීයෝ මට එච්චර අමාරුවක් නෑ ඔප්පා.. බන් ටිකක් අතෑරපන්කෝ.. ඔහොම චොප්ප වෙනකොට ඔටෝ උණ ගැනෙනවා!! "
"උබ ඔහොම බෝලේ වගේ ඉන්නකොට ආස හිතෙනවා බන් "
"ආස නෑ ඕවාට..."
මින්හී බෙල්ලත් පිටිපස්සට කරන් කට ඇද කරේ යුමීගේ මූණේ තිබුණ කුප්ප හිනාවටමයි. ඒ දෙන්නා විතරක් ඉන්න තැන ඔය වගේ කුප්ප කතාවක් කිව්වත් මොකෝ? ඒත් එයාලාගේ හබීලත් මෙතන ඉන්නෝනේ!!ඉතින් ලැජ්ජාව කියන දේ කෙල්ලෙක්ට තියෙන්නත් ඕනෙනේ?
"අහම්.. බදාගෙන ඉවර නම් කන්න යමුද? "
ජන්කුක් උගුර පාදලා ඇහුවේ මේ විකාර බලාගෙන ඉන්න බැරි තැන! කොච්චර නපුරුකම් කරත් එයා ඉතින් මින්හීට ආදරෙයිනේ.. කෙල්ලෙක් වුණත් ඔච්චර බදාගෙන ඉන්න ඕන නෑනේ නේද??
![](https://img.wattpad.com/cover/319715608-288-k982380.jpg)
ESTÁS LEYENDO
Love In The Moonlight [ JJK ]
Fanficජීවිතේ සමහර අවස්ථා තියෙනවා කෙනෙක්ගේ සතුට වෙනුවෙන් අපේ සතුට අතාරින්න සිද්ධ වෙන..! ඒ වගේ වෙලාවට මැරෙන්න තරම් වේදනාවක් දැනුනත් හැම ප්රශ්නයක් ම දරාගෙන ඉස්සරහට යන්න පුලුවන් නම් හැමදේකම අවසානේ හොදින් සිද්ධ වෙවී..හරියටම ජන්කුක්ගේ ජීවිතේ වගේ..!! 🌸🌸🌸🌸🌸...