🌸 2 Chapter 🌸

258 45 5
                                    

Love in the moonlight - Chapter 2

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

"මින්හී..බලන් ඉන්නේ නැතුව ඔයත් කන්න ලමයෝ..? "

"හ්ම් "

හිනා නොවී බැරිකමට මින්හී ඔලුව වනනකොට හේමි නම් ගස්සලා කන්න ගත්තේ ගොඩක් තරහින්.කට්ටියම කනකම් මින්හී පැත්තකට වෙලා හිටියේ ලොකු අපහසුතාවයකින්.මොකද අද ජන්කුක් හිටියේ නෑ.ඒ වෙනුවට ජන්කුක්ගේ හැල්මෝනියි, ඔම්මයි,අප්පයි නම් හිටියා.එයාලා ඇවිත් හිටියේ ගොඩ දවසකින්.මින්හීට ඒක සතුටක් වුණත් ඒ අයට නම් ඒක සතුටක් වුණේ නෑ.මොකද ජන්කුක්ගේ පවුලේ අයගේ තීරණේ වුණෙත් හේමිගේ වගේම එකක්.එයාලාත් මින්හීව රිද්දුවා..

හේමිගේ හස්බන්ඩ් වුණ හෝප් විතරයි කෙල්ලට ටිකක් හොදින් කතා කලේ.ඒත් කෙල්ලට ඒක අපහසුයි මොකද එතන ජන්කුක්වත් නෑ.ජන්කුක් කෙල්ලට වෙනස්කම් කරනවා තමයි.ඒත් කෙල්ල තනි වෙන වෙලාවකදී හොදින් නොවුණත් ලග හිටියා.ඒත් අද ජන්කුක් කලින්ම ඔෆිස් ගිහින් තිබුණේ මින්හීගේ අසරණකම වැඩිවෙනකොට..

බඩගින්න වැඩි කමට මින්හීගේ බඩ කෑගැහුවත් කාටවත් ඒක ගාණක් වුණේ නෑ හෝප්ට ඇරෙන්න.කෙල්ල හිමින් සීරුවේ පුටුව ඇදගෙන මේසෙන් ඉදගන්නවත් එක්කම ජන්කුක්ගේ ඔම්මා කෑම එක පැත්තකට නැගිට්ටේ කෙල්ලත් ඒ සැනින්ම නැගිටිනකොට..

"ඔ..යා ඉ..දන් කන්න..මම යන්නම්..! "

"හහ්..ඕන නෑ! තමුන්ම කනවා "

"ඔම්මා ම- "

"ඔම්මා ඔම්මා ගාන එක නවත්තගන්නවා..තමුසෙ නම් මහ කාලකන්නී කෙල්ලෙක් මින්හී..තමුසෙ කරන්නෙම මිනිස්සුන්ට එපා වෙන ඒවා..මොකට තමුසෙව බැදගත්තද මන්දා අපේ ජන්කුක්..? හහ් එතකොට හැටි දැනන් හිටියේ නෑනේ.."

මින්හීව නිහඩවම බිම බලාගත්තේ එයාට කටගහන්න තරම් හයියක් මින්හීට නැති නිසා.ඒත් ඒ වචන කෙල්ලව නොමරා මැරුවා.කෙල්ලට බඩගිනියි!ඊයේ රෑ ඉදන් කෙල්ල කාලා නෑ.වෙලාව උදේ දහයත් වෙලා..!ඒත් කොහොම හිත හදන් කන්නද මේ වචන එක්ක..??

"මගේ කෙල්ලව මරාගෙන සතුටුද මින්හී උබට..? "

"ඔ..ම්මා..?? "

Love In The Moonlight  [ JJK  ]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ