🌸 13 Chapter 🌸

221 44 13
                                    

Love in the moon light - chapter 13

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

"ඔම්මා!! ඔයා දන්නවා මට එහෙම කරන්න බෑ. මොන දේ වුණත් ඒ මගේ වයිෆ්.?හහ් ඔයා හදන්නේ මාව සමාජෙට වයිෆ් කෙනෙක් ඉදලත් අනියම් සම්බන්ධයක් තියෙන මනුස්සයෙක් කියලා ලැජ්ජා කරවන්නද!! අනික මම තේරුම් කරලා කිව්වා ඇනාව මට ගැලපෙන්නේ නෑ. මම එයාට කැමති නෑ. ඒක අදත් එහෙමයි හෙටත් එහෙමයි හැමදාටමත්.. මොන දේ මින්හී මගේ වයිෆ්.. එච්චරයි..මෙතනින් එහාට අපි කතා කරොත් මේක දුර දිග යන්න පුලුවන්..!! ඒ නිසා ප්ලීස්.. මට ආයේ ඇනා ගැන කියවගෙන එන්න එපා. මොකද මම ඔයාට ගරු කරනවා!! "

"ජන්කුක්!!!! "

මේ දිහා බලාගෙන හිටපු හේමි තරහෙන් වගේ කොල්ලට කෑගහනකොට හේමි දිහාවට ආවේ එයාටත් බැල්මක් පාන ගමන්.

"මේක මෙතනින් නවත්තගන්න කියලා මන් එදත් එක්ක කිව්වනේ නූනා..!! තවත් මේවා ඉස්සරහට සිද්ධ වුණොත් මගේ ඉවසීම පනීවි..! ඒ නිසා ප්ලීස්.. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. ඒ වගේම එයාටත්.."

"ඔයාට අපේ නංගී ගැන කිසි ගාණක්වත් නැ-- "

"එමා ගැන කියවන එක නතරකරගන්න!! මන් කිව්වනේ.. ඒක මම බලන්නම්.. ඒක ඇක්සිඩන්ට් එකක්.. නෙවේ නම් ඒකත් මන් බලාගන්නම්.. "

"ජන්කුක්!!"

හේමිව ගාණකටවත් නොගෙන පඩිපෙල නගින කොල්ලා දිහා මිසිස් ජියෝන් තරහෙන් බැලුවේ මින්හී ගැන තියෙන තරහ තවත් වැඩි වෙනකොට.....!!

මේ කිසිම දෙයක් නොදන්න කෙල්ල තද නින්දකට වැටිලයි හිටියේ.. මේ දවස් ටිකේම එක දිගට ඇගට දැනෙන අපහසුව කෙල්ලට වදයක් වෙලයි තිබුණේ. ඇරත් එයා ඇහැරිලා හිටියත් මේ ගේ ඇතුලේ එයත් එක්ක කතා කරන්න ඉන්නේ සූහි විතරයිනේ? ඒකත් හේමීට හොරෙන්නේ ඉතින්!!

ජන්කුක් කාමරේ දොරත් ඇරගෙන ඇතුලට එනකොටයි දැක්කේ කෙල්ල නිදියන් ඉන්නවා..

"කවදද මේවා ඉවර වෙන්නේ මින්හී!! මට ඕන ඉස්සර වගේම නිදහසේ ඔයා එක්ක අත අල්ලගෙන ඇවිදින්න. ඔයාව බදාගෙන හන් ගග දිහා බලාගෙන ඉන්න!!
අපි කාටවත් වරදක් කලේ නෑනේ? ඒත් ඇයි මෙච්චර අපිට ප්‍රශ්න එන්නේ.. මොන දේ කරත් මම කරන්නේ ඒ ඔයා වෙනුවෙන්..හිත රිදෙයි. ඒත් ඔයාව ආරක්ශා කරන්න ඕන මට.."

Love In The Moonlight  [ JJK  ]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin