🌸 Chapter 8 🌸

246 49 6
                                    

Love in the moonlight - Chapter 8

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

"මිසිස් ජියොන්..ඔයාට මතකනේ මම කියපුවා! වැඩිය මහන්සි වෙන්න එපා..ටික දවසක් යනකම් රෙස්ට් කරන්න. ඒ වගේම ඔයාගේ බෙහෙත් ටික වෙලාවටම ගන්න ඕන!! මම කියන දේ ඔයාටත් තේරෙනවා ඇති නේද ජන්කුක්?? "

"දේ ඩොක්ටර්..කුමාවෝ "

"ඒක මගේ වගකීම.."

ඩොක්ටර් ජන්කුක්ගේ පිටට තට්ටුවක් දාලා යනකොට කොල්ලා බැලුවේ තාමත් ඇදට වෙලා අඩන්න ඔන්න මෙන්න මූණක් හදාගෙන  ඉන්න මින්හී දිහා.හොස්පිටල් එකේ සතියක් විතර කෙල්ල නැවතිලා හිටියා.ඉතින් අද තමයි ඩිස්චාර්ජ් වෙන්නේ!! ඒත් කිසි සතුටක් නම් නැති පාටයි කෙල්ලට පේන විදියට..

"අපි යමු "

"ජ..න්.කුක් මට..ගෙදර යන්න බෑ "

වියලුන කටහඩකින් මින්හී මිමිණුවේ ගොඩක් දුර්වල විදිහට. මේ හිටපු දවස් ටිකට කෙල්ල නොමැරි මැරි මැරී ජීවත් වුණා.ජන්කුකුත් ඒක ඇස් දෙකෙන්ම දැක්කා.ඒ වෙලාවට ජන්කුක්ට දැනුනේ තමන් ගැනම තරහක්.ඒ තමන් හදිසි වෙලා මින්හීට මේ දේවල් කියපු එක ගැන හිතලා!!

එයා තාම මේ ගැන ගෙදරට කීවේ නෑ.කිව්වොත් මොන වගේ දෙයක් වෙයිද කියන එක ජන්කුක්ට හිතාගන්නවත් බැරි වුණා.හේමී, ඔම්මා දැනටමත් මින්හීට සලකන්නේ පිට කෙනෙක් ගානට. ඉතින් මේක දැනගත්තොත් හැසිරෙන විදියත් ගැන හිතලා ඒක නොකියා ඉන්න තීරණය කරා..

"ඔයාට ඕන තවත් අසනීප වෙන්නද? දැන් ඒක වෙලා ඉවරයි.ඒක ගැන හිතන්න එපා මින්හී!! අපි ඇඩුවා කියලා එයාලා ආපහු එන්නේ නෑනේ?? ඒවා අමතක කරලා ගෙදර යමු? "

"අනේහ් "

"ශ්ශ් කට වහගන්න "

ජන්කුක් බලෙන්ම කෙල්ලවත් වඩාගෙන කාර් එකෙන් ඉන්දවද්දී කෙල්ලට ඇඩුනේ නැති එක විතරයි.වෙන වෙලාවක නම් කෙල්ලට සතුටක් දැනෙයි මොකද ජන්කුක් තමන් ලගම ඉන්න නිසා.ඒත් දැන් ඒ ගැන හිතන මානසිකත්වයක් කෙල්ලට නෑ!!

"මම මහ පව්කාරියක්..."

කෙල්ල හෙමීට ඒක මිමිණුවත් ජන්කුක්ට හොදටම ඒ වචන ඇහුනා.කෙල්ල ශටර් එකට ඔලුව තද කරගෙන හිටියේ ජන්කුක් දිහා නොබලාමයි.කොහොම මූණ දෙන්නද?? කෙල්ලට බයයි.ජන්කුක් කෙල්ලව තනිකරලම යයි කියලා?

Love In The Moonlight  [ JJK  ]Where stories live. Discover now