Love in the moon light - Chapter 17
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
මින්හීගේ තොල් අතර වේගෙන් නමුත් කෙල්ලට චුට්ටක්වත් රිදෙන්නේ නැති විදියටයි ජන්කුක් කෙල්ලගේ තොල් කිස් කරේ! මින්හිත් ජන්කුක්ගෙ ශර්ට් එකෙ කොනක් තද කරලා අල්ලගත්තෙ ගොඩ කාලෙකට පස්සෙ මේ පහස ලැබෙන නිසාත් ඒ හැගීම් එයාට දරාගන්න අමාරු උන නිසාත් වෙන්න ඇති!!
කෙල්ලව කිස් කර කර හිටපු කොල්ලා එක පාරට ඈත් වුනෙ බය වෙලා වගෙ!මින්හිත් ගැස්සුනේ නෑ කිව්වොත් බොරු ඒ බය වුනු බයවිල්ලට.කලබලෙන් වගෙ තමන්ගෙ කොන්ඩෙ අතර අත් යවන ජන්කුක් දිහා කෙල්ල බලන් හිටියෙ කදුලුත් පුරවගෙන..
එයාට දැනුනෙ එයාගෙ අඩුපාඩුවක් වගෙ හැගීමක්!!
ඇයි ජන්කුක්ට බැරි ඉස්සර වගෙ තමන් එක්ක ආදරෙන් ඉන්න බැරි??
මොකක්ද තමන්ගෙ අඩුව?"ජ්-ජන්කුක් "
"මියානෙ.."
සමාවෙන්න!
ඒකද උත්තරෙ ජන්කුක්ගෙ?
තමන්ව ඇති වෙනකම් සිපගෙන ඉවර වෙලා සමාව ගන්න එකද කොල්ලගෙ ආදරෙ??"ඒ-ඒකට කමක් නෑ! '
වෙන මොනා කියන්නද කෙල්ල? ඒකයි කොල්ලගෙ මූන දිහවත් නොබලා වොශ් රූම් එකට වේගයෙන් දිව්වෙ.
"ආයිශ්!! "
කොන්ඩෙ අතින් ඇද ගන්න ගමන් ජන්කුක් කෑ ගැහුවෙ තමන් එක්කම ආපු තරහට.එයා කොහොමද මින්හීට එහෙම රිද්දන්නෙ. දැනටමත් කෙල්ල විදවන්නෙ තමන් නිසා.. එයා තවත් ඒකට උදව් කරනවා නෙවෙයි.කෙල්ලව අඩවනවා!!
අනිත් පැත්තෙන් මින්හී..
කෙල්ල ආපු ගමන් කරෙ දොර ලොක් කරලා ශවර් එක යටට රින්ගපු එක. එයාට කියන්න දෙයක් තියා වෙන දෙයක් වත් හිතා ගන්නයි බැරුව හිටියේ!!එයා තමන්ගෙ ඇදුම් ඔක්කොම ගලවලා මිරර් එක දිහා බැලුවා,,
කෙල්ලගෙ මොනවද අඩු?
කෙල්ලෙක්ගෙ ලස්සන අතින් මින්හීව ගත්තොත් හැම දේකින්ම ඉහලින්ම කෙල්ල හිටියා.
ඇගෙ හැඩ පවා කෙල්ලට මාර ලස්සනක් ගෙනවෙ!!
ජන්කුක්ට ඇයි ඉතිම් තමන් එක්ක ඉස්සර වගෙ ආදරයෙන් ඉන්න??ඒත් එක්කම මින්හිගෙ ඇස් ගියෙ එයාගෙ යටි බඩ හරියෙන් පේන පැල්ලම දිහාවට.මෙච්චර දවසක් කැක්කුම දැනුනට කෙල්ල ඒක ලොකුවට හිතුවෙ නෑ.අනික ඔය පැල්ලම දැක්කෙත් නෑ.එයාගෙ ඇග එක පාරටම හිරි වැටිලා වගෙ ගියත් එයා හිමින් සීරුවෙ ඒ කැලලට අත ගෙනිච්චා..
BINABASA MO ANG
Love In The Moonlight [ JJK ]
Fanfictionජීවිතේ සමහර අවස්ථා තියෙනවා කෙනෙක්ගේ සතුට වෙනුවෙන් අපේ සතුට අතාරින්න සිද්ධ වෙන..! ඒ වගේ වෙලාවට මැරෙන්න තරම් වේදනාවක් දැනුනත් හැම ප්රශ්නයක් ම දරාගෙන ඉස්සරහට යන්න පුලුවන් නම් හැමදේකම අවසානේ හොදින් සිද්ධ වෙවී..හරියටම ජන්කුක්ගේ ජීවිතේ වගේ..!! 🌸🌸🌸🌸🌸...