🌸 6 Chapter 🌸

244 47 10
                                    

Love in the moonlight - Chapter 6

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

Minhi' s pov

'ඩිං ඩොං..'

ඕහ් මන් හිතන්නේ ජන්කුක් ඇවිත්.මම පොරවගෙන හිටපු ෂීට් එකත් පැත්තකට දාලා දොර ඇරියා.තද වැස්සක් පටන් අරන් තිබුණ නිසා සීතලත් වැඩී.ගෙදර කවුරුත් හිටියෙත් නැති එකේ මම කලේ ෂීට් එකක් ඇග පුරා පටලවාගෙන වට්පෑඩ් පැත්තේ මල් කඩපු එක..

දොර අරිනකොටම ජන්කුක් ඇතුලට පැන්නේ ගෙම්බෙක් වගේ.එයාට සීතල ඇති.ඔලුවත් තෙමිලා.මගේ දිහාටත් බැල්මක් දාලා එයා යනකොට මම දොර වහලා එයාගේ අතේ තිබුණ බෑග් එක ගත්තා.එයාව වෙව්ලනවා.ඔලුව තෙමිලා තිබුණ නිසා මම මොකුත් නොකියා ටවල් එකක් ගෙනත් ඔලුව පිහ දැම්මේ බයිනවා නම් බැනපිය කියන්න...

ඒත් එයා මොකුත් නොකියා මගේ දිහාම බලන් හිටියා.එයා අද වෙනස්.ඇසුත් රතුවෙලා.ඇඩුවද?

" ජන්කුක් වොෂ් එකක් දාගෙන එන්න .කෑම කමු.."

"හ්ම් "

මම එහෙම කියලා කිචන් එකට යනකොට ඇස් කොනින් දැක්කා ජන්කුක් රූම් එකට යනවා.මොකක්ද එයාට වුණේ?? ඇයි එහෙම ඉන්නේ?? ප්‍රශ්නයක් ද??
මටත් කියන්න ජන්කුක්.මාත් කැමතියි ඔයාත් එක්ක දේවල් බෙදාගන්න! ඉස්සර වගේ.ආදරෙන්..ප්ලීස් මට ඔහොම සලකන්න එපා.පිටකෙනෙක් වගේ සලකන එක නවත්තන්නකෝ!!

.
.
.
.
.
.
.
.

"මින්හී "

"ආහ්? "

කෑම කාලා රූම් එකට ඇවිත් දොරවහනකොට ජන්කුක් කතා කලේ මාව පුදුම කරවලා.එයාගේ කටහඩ බිදිලා.ජන්කුක්? මොකක්ද අනේ වුණේ.බය කරන්න එපා චේබල්.ඇයි ඔහොම විදවන්නේ රත්තරන්??

"දෙයක් කියන්න තියෙනවා..ඊට කලින් මේක බලන්න! "

මගේ අතට ෆයිල් එකක් දික් කරපු එයා බැල්කනි එක පැත්තට ගියා.ඩිවෝස් පේපර්ස්වත්ද?? මැරෙනවා ඊට වඩා සැපයි..මම කෝකටත් ඇරලා බැලුවේ පණ්ඩිතකම් කරන්න ඕන නැති නිසා.මගේ ඇස් ඉබේම ලොකු වුණේ ඒකේ තියෙන ඒවා දැකලා.

දෙයියනේ..

මොකක්ද ඒ මම දැක්කේ??

චේබල් මේක හීනයක් වෙන්න...!

Love In The Moonlight  [ JJK  ]Where stories live. Discover now