🌸Chapter 9🌸

240 50 14
                                    

Love in the moonlight - Chapter 8

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

"ජන්කුක් "

"ඔම්මා? "

ජන්කුක් ඔලුව උස්සලා කතා කරේ ලැප් එක වහලා දාන ගමන්මයි.එයා ලැප් එක තමන්ගෙ එහාපැත්තෙන් තියලා බාගෙට කඩන් වැටෙන චූටි සූහිගේ ඔලුව උකුල උඩින් තියාගත්තා.ඒත් එක්කම සූහිගේ පස්සට චූටි තට්ටු දාන්නත් කොල්ලා අමතක කලේ නෑ!!

මිසිස් ජියෝන් නැත්නම් ජන්කුක්ගේ ඔම්මා කොල්ලා ලගින්ම ගිහින් සෝෆා එකේ ඉදගත්තා.ජන්කුක් හිටියේ සාලේ!! එතකොට මින්හී කිචන් එකේ උයන ගමන්.ඒ අතරතුරේ ජන්කුක්ගේ ඔම්මාගෙනුයි හේමිගෙනුයි සැර වචනවලට කෙල්ලට මූණ දෙන්න කෙල්ලට සිද්ධ නොවුණා නෙවෙයි..

ඒත් කෙල්ල හිතාගත්තා ඒ කිසි දේකට නොසැලි ඉන්න. ඒත් කෙල්ල තාම ඉන්නේ ෂොක් එකේ! එමාගේ ප්‍රෙග්නන්සි එක ගැන දැනගනිපු දවසේ ඉදන් කෙල්ල ඉන්නේ සෑහෙන මානසික පීඩනෙක..

එයාගේ හිත හැමවෙලාවකට ඇදුම් කෑවා එයා නිසා අහිංසක ජීවිත දෙකක් නැතුව ගියා කියලා. ඒ වගේම මේ කාලේ අතරතුර ජන්කුක් මින්හීව වචනයකින්වත් නොරිද්දුවත් කොල්ලා පරිස්සම් වුණා කෙල්ලගෙන් ඈත් වෙලා ඉන්න..ජන්කුක් දන්නවා මේ හැමදේම නිසා කෙල්ල කරන්නේ විදවන එක කියලා! ඒත් කෙල්ලට ලං වෙලා කෙල්ලගේ ජීවිතෙම අනතුරේ දාන්න කොල්ලගේ හිත කැමතී වුණේ නෑ!!

දවස් කිහිපයකට පස්සේ ජන්කුක්ගේ ඔම්මා, හේමි , හෝසොක් සහ චූටි සූහියි ගෙදර ආවාට පස්සේ කෙල්ලගේ හිත තවත් අසරණ වුණා.හේමිගෙයි මිසිස් ජියෝන්ගෙයි සැර වචන මින්හීගේ හදවත පසාරු කරගෙන ගියේ හීයක වේගෙන්!! කෙල්ලට සහනයක් වුණේ සූහියි හෝසොකුයි නිසා විතරයි..

"අද මිසිස් කිම්ලා එනවා කීවා!! රෑ ඩිනර් එකකට.. ඔයාට තේරෙනවනේ මම කියන දේ?? "

"මොකක්!! ඔයා මොකක් ගැනද කියන්නේ ඔම්මා?? "

සූසිගේ සිනිදු කෙස් අතර ඇගිලි තුඩු යවමින් හිටපු කොල්ලගේ හිත කලබල වුණේ මිසිස් කිම්ලා රෑ ඩිනර් එකකට එනවා කියලා කියනකොට. එහෙනම් අනිවාර්යයෙන්ම එයාලාගේ දුව කිම් ඇනාත් එතන ඉදීවි!! එයාලා තවත් මින්හීගේ හිත රිද්දාවී..

Love In The Moonlight  [ JJK  ]Where stories live. Discover now