02 කොටස

1.1K 301 139
                                    

කමෙන්ට් ගෝල් - 50

"ගුඩ් මෝනින් මිස්ටර් කිම්"

"ගුඩ් මෝනින්"

සංසුන්ව මීටි එක තියන්න නියමිතව තියන කාමරයට ඇවිදගෙන යන ගමන් ටේහ්‍යුන් ඔහුට ආචාර කරපු සේවිකාව නොසලකා හැරලා ඉදිරියටම ඇවිදගෙන ගියා. කිසිවක් නොකියා ඒ තුලට පිවිසි ටේහ්‍යුන් ට නැගිටලා හැමෝම ආචාර කරනකොට ටේහ්‍යුන් කිසිවක් නොකියා ගිහින් ඔහුට හිමි අසුනෙන් වාඩි වෙලා ටැබ් යන්ත්‍රය අතට ගත්තා.


"පටන් ගමු.."

"ඒත් සර් ජන්කුක් ජියොන් මහත්තයා තවම ආවේ නැහැ"

ටේහ්‍යුන් කිම් සහ ජන්කුක් ජියොන්ගෙ මියගිය සොයුරු කලින් දිනෙක අත්සන් කරන්න නියමිතව තිබුණු මුත් පසුව අදහස වෙනස් කල කාන්තා අත්වැසුම් නිර්මාණය පිළිබඳ හවුල්කාරී ගිවිසුම පිලිබදව යලි සාකච්චාවක් පවත්වන්න වර්තමානයේ සෝකී ව්‍යාපාර හිමිකරු , රොබට් ජියොන්ගෙ බාල සොහොයුරා වන ජන්කුක් ජියොන් හට ටේහ්‍යුන් ආරාධනා කලත් වෙලාව පසු වන තෙක් ම ඔහු තවම ඇවිත් හිටියේ නෑ.

"මම බොහොම අකමැති වෙලාවට වැඩ නොකරන මිනිස්සුන්ට"

ටේහ්‍යුන් පෑනේ තුඩ මේසය මත තියන ගමන් මුමුණනකොට ප්‍රසන්ටේෂන් එක කරන්න නියමිතව හිටපු සේවකයා දෙතොල් තෙත් කර ගත්තා.


"ජියොන් මහත්තයා ගෙ සහෝදරයා නැති වෙලා මාසයක් වත් ගත වෙලා නැති නිසා අපි එතුමාට බුරුලක් දෙන්න ඕනෙ නේද කිම් මහත්තයා."

"තමුන්ගෙන් මම අදහසක් ඇහුවේ නැහැ"

මුහුණෙන් පලවුන හැගීම් මොහොතක් හෝ වෙනස් නොකර සංසුන්ව මුමුණපු ටේහ්‍යුන් ඔරලෝසුව දිහා බලලා ඉස්සරහ බලා ගත්තා.

ටේහ්‍යුන් ගෙ ඔරලෝසුවේ තප්පර කටුව වැටෙන සද්දය විනා කිසිදු ශබ්දයක් නො ඇසෙන ලෙස කාමරය නිෂ්ෂබ්ද වෙනකොට ඔරලෝසුවේ දෙලොහ ඉලක්කම මත තිබුණු මිනිත්තු කටුව හය ඉලක්කම මතට එනකොට දොර වේගයෙන් විවෘත උනා.



"ගුඩ් මෝනින්"

කලබලකාරී හඩක් ඇහෙනකොට ටේහ්‍යුන් ඒ දිහාවට ඇස් යොමු කලා. පිලිවෙලක් නැති යන්තම් රැලි වැටුණු කොන්ඩය එක්ක බුරුල් උන ටයි ගැටයක් බෙල්ලෙ ගැට ගහ ගත්ත ජන්කුක් ජියොන් නම් තරුණයා සේවකයෝ කීපදෙනෙක් එක්ක දීප්තිමත් හිනාවක් එක්ක පෙනි සිටිනවා දැක්ක ටේහ්‍යුන් සුසුමක් හෙළුවා.

Roses Are Red || vkook ✓Where stories live. Discover now