15 කොටස

731 216 52
                                    

කමෙන්ට් ගෝල් - 50

"ජන්කුක්...? ඇයි මේ?"

ජන්කුක් අහක බලාගෙන ක්ලබ් එකෙ වාඩි වෙලා ඉන්නවා දැක්ක ජිමින් ජන්කුක් අසළට ඇවිදගෙන ආවා. ජිමින් ජන්කුක් ගැන වද උනා කවදාටත් වැඩියෙ. වෙනදා ගැහැණු ළමයි ගැන විතරක් උනන්දු උන , දඟකාර , නිතරම මුව පුරා සිනාවක් පුරවගෙන ඉන්න , සිනා වෙන්න ඕනෙ නැති තැන් වල පවා සිනා වෙලා බැනුම් අහන ජන්කුක් අද පැත්තකට වෙලා ඉන්නවා දැකීමම ජිමින්ට වේදනාවක් උනා.

"ජන්කුක් හොඳින් නේද..?"

ජිමින් ජන්කුක් ගෙ උරහිස උඩින් අත තියනකොට ජන්කුක් හිමීට හිස ඔසවලා බැලුවා. ඒ දෑස් වල තිබුනේ දරා ගන්න බැරි වේදනාවක්. සුසුමක් හෙළුව ජන්කුක් දෙපසට හිස සැලුවා.

"ජන්කුක්? මට කියන්න මොකද උනේ...?"

"මම..... එයාට ආදරෙයි ජිමින්"

ජන්කුක් ජිමින්ගෙ දෑස් දිහා බලාගෙන වේදනාවෙන් මුමුණන කොට ජිමින් ගැඹුරු සුසුමක් උඩට ඇදලා ජන්කුක් අසල වාඩි උනා.

'ඒ මනුස්සයා මේ පොඩි කාලෙට ජන්කුක් ව කොච්චර වෙනස් කරලාද?'

ජිමින් තමන්ටම මුමුණා ගෙන ජන්කුක් ඉදිරියේ වාඩි වෙනකොට ජන්කුක් ජිමින්ගෙ උරහිස උඩ හිස තබා ගත්තා. ජන්කුක් ගෙ දෑසින් ගලා ගිය කදුළු ජිමින්ගෙ උරහිස් තෙමනකොට ජිමින් තමන්ගෙ ඇස් වලට උනපු කඳුලු කැට පිස දමා ගත්තෙ ජන්කුක් කියන්නෙ තමන්ගෙ හොඳම යාලුවා නිසා.


"ජන්කුක් ඒ මනුස්සයාව  අත ඇරලා දා..."

"ආදරය... හරි පුදුමයි ජිමින්..."

ජන්කුක් මුමුණන කොට ජිමින් නිශ්ශබ්ද උනා. ඔව්. ජිමින් මීට පෙර අත් විඳ නොතිබුනත් ප්‍රේමයෙ පුදුම සහගත බව ජන්කුක් තුලිණ් ඔහු දුටුවා.

"ආදරය හරිම වේදනාකාරී ජිමින්.... ඒක අපිව ගොඩක් රිද්දවනවා.."

ඔව්. ඔහු මෙවරත් නිවැරදි. ඒ වේදනාව ජන්කුක් ගෙ කඳුලු තුලින් ඔහු යලි යලිත් දැක්කා.

"ආදරය කියන්නේ මායාවක් ජිමින්. අපිව කොටු කර ගන්න මායා දැලක්. ඒ දැලෙ පැටලුනොත් ගැලවීමක් නෑ ජිමින්. කවදාවත් ගැලවීමක් නෑ..."

Roses Are Red || vkook ✓Where stories live. Discover now