කමෙන්ට් ගෝල් : 50
"ජන්කුක්"
එදින ව්‍යාපාරික ගිවිසුම පිලිබඳව සාකච්චා කරනු සඳහා පැවැත්වුන සාකච්චාව අවසාන කොට වේගයෙන් ඇවිදගෙන යන ජන්කුක් ඉදිරියට හදිසියේම ඇවිද ආ ටේහ්‍යුන් සිනාවක් නගනකොට ජන්කුක් ටේහ්‍යුන් හමුවීමේ ප්‍රීතියෙන් යුතුව සිනා උනා.
"මම හිතුවේ ටේහ්‍යුනුත් සාකච්චාවට එයි කියලා"
"මට පිටතට යන්න සිද්ධ උනා මොහොතකට. ගිවිසුම ගැන මොකද ජන්කුක් අත්සන් කරන්න තීරණය කලාද?"
ටේහ්‍යුන් ජන්කුක් ගෙන් අහනකොට ජන්කුක් ටේහ්‍යුන් දෙස නොසෙල්වී බලාගෙන හිටියා. ඔවුන් දෙදෙනා පළමු වරට සිප ගෙන දින තුනක් ගත වෙලා තිබුනත් , ඔවුන් දෙදෙනා ඒ ගත උන දින තුන පුරාවටම සෑම රාත්‍රියකම පිටතට ගියත් ටේහ්‍යුන් ගෙ එකම කතා බහ උනේ ව්‍යාපාරික ගිවිසුම වීම ජන්කුක් නොරිස්සුවා වගේම ටේහ්‍යුන් ගෙ ගැඹුරු සංසුන් මඩ පාඩ දෑස් , සංසුන් කිසිදු ඉරියව්වක් නොමැති මුහුණ ජන්කුක් ව නිතරම වාගේ නොසන්සුන් කලා.
"මම තවම හිතනවා ටේහ්‍යුන්. ඇත්තටම මගෙ අයියගෙ සිහිනයක් තමයි කාන්තා අත්වැසුම් අංශය. මම අයියගෙ හීනෙට පයින් ගහන එක වරදක් නේද ටේහ්‍යුන්"
ජන්කුක් මුමුණන කොට ටේහ්‍යුන් සංසුන් දෑසින් ජන්කුක් දෙස බලාගෙන හිටියෙ ටේහ්‍යුන් පසුපස හිටපු ජේම්ස් කලබලයෙන් ටේහ්‍යුන් දිහා බලන කොට.
"ඒක ප්‍රශ්නයක් නෙවෙයි ජන්කුක්. ජන්කුක් ජන්කුක් ගෙ කාලය අරගෙන තීරණයකට එන්න"
සිනා උන ටේහ්‍යුන් ජේම්ස්ට නැවතෙන ලෙස සංඥා කර ජන්කුක් සමග ඉදිරියට ඇවිදගෙන ආවා.
"අපි අද එලියට යනවාද?"
"ජන්කුක් කැමති නම් මගෙ විරෝධයක් නෑ"
ජන්කුක් උනන්දුවෙන් අහනකොට ටේහ්‍යුන් යන්තම් හිනා උනාම ජන්කුක් ගෙ මුහුණේ නොදැනීම ඇඳුනේ සුන්දර සිනාවක්. කුමක්දෝ හේතුවකට කිසිවෙකුට තේරුම් ගන්න නොහැකි ටේහ්‍යුන් සමග කාලය ගත කරන්න ජන්කුක් ආශා කලා.
"අද මගේ ගානේ.. අද හවස හතර රේජිට් හොටෙල් එකෙ හමු වෙමුද?"
ජන්කුක් මුමුණනකොට ටේහ්‍යුන් හිස සැලුවා.
YOU ARE READING
Roses Are Red || vkook ✓
Fanfiction" අවශ්‍ය උනොත් මාව මරලා දාන්න පුලුවන් තරමටම මට ආදරය කරන්න පුලුවන් ද ජන්කුකී? " ____ හීන - තේරුමක් ඇති කාලෙක ඉඳන් මම දැක්ක මගේ හීනය. අත පොවන දුරක තියාගෙන , ආදරය වෙනුවෙන් මට අත ඇරලා දාන්න බෑ ජන්කුකී. සමාවෙන්න මට ____ Taekook ( Top Taehyung) Gay love...