08 කොටස

848 234 76
                                    

කමෙන්ට් ගෝල් : 50


"ඔහ් ජන්කුක්! කණගාටුවෙන් වගේ"

ටේහ්‍යුන් ජන්කුක් දිහා බලලා ඕනෑවට එපාවට මුමුණන කොට ජන්කුක් යන්තමින් සිනා වුනා. ඔවුන් සිටියේ නූරා ගේ සිරුර වැලලූ ස්ථානයට අඩි කීපයක් එහායින්. නූරාගේ ගේ ඥාතීන් යැයි සැලකිය යුතු පිරිසක් එතැන මහ හඩින් හඬමින් ලත වෙමින් ඈ හට නැවත පැමිණෙන ලෙස හඩගාන  අයුරු බලා සිටි ටේහ්‍යුන් ඉදිරිය බලාගෙන ඉන්න ජන්කුක් දිහා බැලුවා.

"ඇත්තටම නැහැ ටේහ්‍යුන්ගී.. ටේහ්‍යුන්ගී හිතනවා වගේ මට ඕනෑවටත් වඩා කණගාටුවක් නැහැ. නමුත් දන්නා කෙනෙක් මැරුණ එක ගැන මට කණගාටුයි. ඒක වලක්වන්න බැහැ"

ජන්කුක් සුසුමක් හෙලනකොට ටෙහ්‍යුන්ට හිනා ගියා.

"මට මෙතන ඉන්න එක තේරුමක් නැති දෙයක් කියලා හිතන්නෙ ජන්කුක්"

ටේහ්‍යුන් කලිසම් සාක්කුවට අත හොවාගෙන මුමුණනකොට ජන්කුක් ටේහ්‍යුන් දෙස පුදුමෙන් බැලුවා.


"ටේහ්‍යුන්ගී....!!"

"බලන්න අර මිනිස්සු. ආයෙත් නැගිටින්න කියලා මැරුණ මනුස්සයා ට කෑ ගැහුවම ශරීරයේ අවයව පවා ඉවත් කරලා , එම්බාම් කරපු මළ සිරුරක් නැගිටිනවා ද? නිශ්පල දේවල්"

ටේහ්‍යුන් මුමුණන කොට ජන්කුක් කිසිවක් කීවේ නැත්තේ ආදරය කරන පුද්ගලයෙක් මිය යන වේදනාව ජන්කුක් හොඳින්ම දැනගෙන හිටපු නිසා.



" මේ කොහෙවත් යන කෙල්ලෙක් නිසා මගෙ උදේ වරුවයි විනාශ උනා. ජන්කුක් කැමති ද මගේ රාත්‍රිය ලස්සන කරන්න"

දිගටම කතා කල ටේහ්‍යුන් ජන්කුක් ගෙ මුහුණට එබෙනකොට ජන්කුක් වෙනකක් බලා ගත්තා.



"ටේහ්‍යුන්ගී.. මම හිතන්නෙ නැහැ අද ඒක කරන්න"

"කවුද කිව්වේ අපි ඒක කරනවා කියලා . ජන්කුක් කැමති නැද්ද මාත් එක්ක රාත්‍රි ආහාර අරගෙන රාත්‍රියේ හිත නිදහස් කර ගන්න"

ටේහ්‍යුන් අහනකොට මොහොතක් කල්පනා කල ජන්කුක් හිස සැලුවා. මේ අවස්ථාවේ ජන්කුක් ගේ හිත තිබුණෙ යකාගෙ කම්මල ක් වගේ. එක් පසකින් නූරාගේ මරණය මිනීමැරුමක් යැයි සැක කරන නිසා ජන්කුක් ට පැය ගනනාවක කට උත්තර පොලිසියට ලබා දෙන්න සිද්ධ උනා. අනෙක් අතින් නූරාගේ පවුලට උත්තර බඳින්න වගේම ඔවුන්ට වන්දි මුදල් ජන්කුක් ගෙවිය යුතු උනා. වන්දි මුදල් ගෙවීම ජන්කුක් ට ගැටලුවක් නොවුනත් මේ සිදුවීම් පෙල ජන්කුක් ට එක් දිනයකට ඕනෑවටත් වැඩි උනා. ජන්කුක් කියන්නෙ සැහැල්ලුවෙන් ජීවත් උන මනුස්සයෙක්. නමුත් අද ඔහු වගකීම් ගොඩක පැටලිලා.



Roses Are Red || vkook ✓Where stories live. Discover now