කමෙන්ට් ගෝල් 50
හොටෙල් කාමරය තුල , ඇඳ මත සිටි ජන්කුක් ගේ සහ ටේහ්‍යුන්ගෙ අතැගිලි එකිනෙක පැටලුනා. ටේහ්‍යුන් ජන්කුක් තුල වේගයෙන් චලනය වෙද්දී දෑස් වසාගත් ජන්කුක් දැනෙන වින්දනයට කෙඳිරි ගෑවා. ඔහුගේ දෑස් කොනින් ගලා ගිය කදුළු බින්දුවක් ඇතිලි මතට වැටෙද්දී ටේහ්‍යුන් ජන්කුක් තුලින් පිටතට ආවා.
ජන්කුක් ගෙන් ඔහු ඈත් වෙන්න තැනුවත් ජන්කුක් අල්ලා සිටි ටේහ්‍යුන්ගෙ හස්තය අත ඇරීමට සූදානම්ව සිටියෙ නැහැ.
"මම ආදරෙයි ටේහ්‍යුන්ගී"
ජන්කුක් ටේහ්‍යුන්ගෙ ගැඹුරු දුඹුරු පැහැති දෑස් දෙස බලාගෙන මිමිණුවාම ටේහ්‍යුන් පුදුමෙන් ඔහු දෙස බලා සිටියාත් ඔහු යම් දිනෙක ජන්කුක් ගෙන් මෙවැන්නක් බලාපොරොත්තු උනා.
"මම ටේහ්‍යුන්ගීට ආදරෙයි"
ජන්කුක් සිනා සුනා. නමුත් ඔහු බලාපොරොත්තු වූ ලෙස ඔහුට සිනාවකින් සංග්‍රහ නොකල ටේහ්‍යුන් ඔහුගේ පසෙකින් වැතිරෙද්දී ජන්කුක් ඔහු දෙස බලා සුසුමක් හෙළුවා. ජන්කුක් බලාපොරොත්තු වූයේ ටේහ්‍යුන්ගෙන් මෘදු සිප ගැනීමක් උනත් ටේහ්‍යුන් ඔහුව සම්පූර්ණයෙන්ම නොසලකා හැර තිබුනා.
කිසිවක් නොකියා ඇඳ මත වැතිරී සිවිලිම දෙස බලාගෙන සිටි ටේහ්‍යුන්ගෙ පපුව මත හිස තැබූ ජන්කුක් දෑස් වසා ගත්තෙ ටේහ්‍යුන්ගෙන් දැනෙන උණුහුම විඳ ගන්න. ඔහුගේ ඒ උණුසුම ට ජන්කුක් ආශා කලා. ටේහ්‍යුන් ගෙන් ඔහුට දැනෙන අමුතුම නැවුම් චෙරි සුවඳ ජන්කුක් ව සැනසුවා.
"ආදරේ නැද්ද මට ටේහ්‍යුන්ගී?"
ජන්කුක් ටේහ්‍යුන්ගෙ පපුව මත හිස තබාගෙන මිමිණුවාත් ටේහ්‍යුන් නිශ්ශබ්දයි. ඒ මොහොතේ ටේහ්‍යුන්ට කිසිම හැගීමක් දැනුනෙ නැහැ. දැනුන එකම හැගීම ජන්කුක් තමන්ට ආදරෙ කරනවායි තමාගෙ දෙකවනට ඇසෙන ඒ හඬ පමණයි
"ටේහ්‍යුන්ගී...?"
"ජන්කුක් මට ආදරෙයිද?"
අවසානයේ ටේහ්‍යුන් ජන්කුක් ගෙන් විමසුවාම ජන්කුක් හිස සැලුවා.
"මට ආදරේ නැද්ද?" ජන්කුක් ඇසුවත් ජන්කුක් ගෙ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නොසලකා හැරි ටේහ්‍යුන් "ජන්කුක් මට කොච්චර ආදරෙයිද?" යැයි මුමුණද්දී ජන්කුක් තනිවම සිනා උනා.
CZYTASZ
Roses Are Red || vkook ✓
Fanfiction" අවශ්‍ය උනොත් මාව මරලා දාන්න පුලුවන් තරමටම මට ආදරය කරන්න පුලුවන් ද ජන්කුකී? " ____ හීන - තේරුමක් ඇති කාලෙක ඉඳන් මම දැක්ක මගේ හීනය. අත පොවන දුරක තියාගෙන , ආදරය වෙනුවෙන් මට අත ඇරලා දාන්න බෑ ජන්කුකී. සමාවෙන්න මට ____ Taekook ( Top Taehyung) Gay love...