04 කොටස

934 261 111
                                    

කමෙන්ට් ගෝල් - 50 (මේක පනිනකම් අම්මපා දෙන්නෑ)

"බහින්න ජන්කුක්"

ටේහ්‍යුන් සංසුන්ව මුමුණනකොට වාහනයෙන් බැස්ස ජන්කුක් දොර තදින් වැසුවේ ටේහ්‍යුන් අනෙක් පසින් බසිද්දී. ගත උන සතිය පුරාවට ජන්කුක් ට හිමින් හිමින් ලං උන ටේහ්‍යුන් ජන්කුක් සමග ඔහු ආශා කරන විවිධ ගමන් පවා ගියා. ටේහ්‍යුන්ට අවශ්‍ය වූයේ ජන්කුක් සමග හවුල්කාරී ගිවිසුමක් පමණක් උනත් ජන්කුක් ට ටේහ්‍යුන් අදල දැණුනෙ පහසුවක්. ඔහු පිටතින් සැර පරුෂ අයෙක් උවත් ඔහු සමග ගත කරන සෑම මොහොතක් ම ජන්කුක් ගෙ පාලුව මග හැරියා.

"එහෙනම් ඇතුලට යමු"

ටේහ්‍යුන් සිනා වෙනකොට ජන්කුක් හිස වනා ටේහ්‍යුන් සමග පෙරමුණ ගත්තා. ඔවුන් දෙදෙනා ඉදිරියෙන් ඇවිද යද්දී ඔවුන් දෙදෙනා පසු පස ඔවුන්ගෙ ආරක්ෂකයන් පැමිණියා. මද වේලකින් ටේහ්‍යුන් බොහෝ ආශා කළ ලන්ඩන් නුවර වාර්ෂිකව පැවැත්වෙන චිත්‍ර ප්‍රදර්ශනය මිනා ග්ලෝරා චිත්‍ර ප්‍රදර්ශනයට ජන්කුක් සමග පැමිණෙන්න හිතුවේ ජන්කුක් චිත්‍ර වලට ආශා කරන වග දැන ගත් විට

"මිස්ටර් කිම්..."

"මිස්ටර් ඩේවිඩ්"

සෑම වසරකම එහි පැමිණෙන ටේහ්‍යුන්ට ආචාර කල චිත්‍ර ප්‍රදර්ශනයෙහි හිමි කරු ජන්කුක් සමග සිනා සී ඔහුටත් අතිනත දුන්නෙ ටේහ්‍යුන් ඔහු හා ජන්කුක් ගෙ පැමිණීම ඔහුට කලින්ම දැන් වූ නිසා. එයට හේතුවක් උනෙ ආරක්ෂකයන් පිරිවරාගෙන චිත්‍ර ප්‍රදර්ශනය පුරා යෑමට ඔවුන්ට අවසරය අවශ්‍ය වීමයි.

"මිස්ටර් කිම් සතුටු වෙයි කියලා හිතනවා"

ඔහු හිස නවා ආචාර කරද්දී හිස සැලූ ටේහ්‍යුන් ඉදිරියට ඇවිදගෙන යද්දී ජන්කුක් ඔහු පසු පස පැමිණියේ,  ඩේවිඩ් ටේහ්‍යුන් තනිකම ප්‍රිය කරන්නෙක් වග දැන ඔහුට නිදහසේ චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට අවස්ථාව සලස්වා පසෙකට වද්දී.

"මම හිතන්නෙ මේ පැත්තෙන් යන්න ඕනෙ ජන්කුක්"

ටේහ්‍යුන් මුමුණද්දී හිස සැලුව ජන්කුක් ඔහු පසුපස වැටුනා. විනාඩි කිහිපයක් ගත වීමට ප්‍රථම ඔවුන් පැබ්ලො පිකාසෝගෙ ගුවර්නිකා සිතුවමහි ආකෘතියක් ඇතුලු තවත් එවැනි විශාල නව චිත්‍ර කිහිපයක් ඉදිරිපිට සිටගෙන සිටියත් ජන්කුක් ගෙ මුහුණෙ තිබුණෙ නොසතුටක්.

Roses Are Red || vkook ✓Where stories live. Discover now