11 කොටස

702 225 79
                                    

කමෙන්ට් ගෝල් : 50

" මම හිතන්නෙ ජන්කුක්.. ජන්කුක් එයාව හිතෙන් අත ඇර ගන්න එක හොඳයි. තේරෙනවා නේ..  එයා පිරිමි කෙනෙක්"

ජන්කුක් මත් පැන් වීදුරුව උගුරෙන් පහලට හලා ගනිද්දී ජන්කුක් ගේ කුඩා කල සිට හොඳම මිතුරා ජිමින් පාර්ක් ජන්කුක් ගෙ පිටට තට්ටු කරලා මුමුණනකොට ජන්කුක් හිනා උනා.

" මට හොඳටම විශ්වාසයි ජන්කුක්. ඒ යකාට පිස්සු.  ආදරේ වෙනුවෙන් එයාව මරලා දාන්න පුලුවන් ද කියලා අහන මනුස්සයෙක් මම ඔය දැක්කමයි. නිකන් හිතන්න. සාමාන්‍යයෙන් අහන්නෙ මම මැරුනොත් ඔයා මොකද කරන්නෙ. මම වෙනුවෙන් කෙනෙක්ව මරන්න පුලුවන් ද? ඔය වගේ දේවල් මිසක් තමන්ව මරන්න පුලුවන් ද කියලා අහන්නේ නැහැ නේ"

ජිමින් අමනාපයෙන් කියනකොට ජන්කුක් තමන්ගෙ හිස් උන වීදුරුවට තවත් මත් පැන් පුරවනවා දැකලා ජිමින් වීදුරු ජන්කුක් ගෙන් ඇදලා ගත්තා.


"ඇති ජන්කුක්. ජන්කුක් ඕනෑවටත් වඩා කොහෙවත් යන පිස්සු මිනිහෙක් නිසා බීලා"

ජිමින් තරහෙන් කියනකොට ජන්කුක් හිනා වෙවි මේසෙට ඔලුව තියා ගත්තත් ජන්කුක් ගෙ ඇස් වලින් පාලනයක් නැතිව කදුලු ගලාගෙන ගියා. ආදරය විහිලුවකට ගත්ත play boy ජන්කුක් අද ටේහ්‍යුන් ගෙ ආදරය වෙනුවෙන් හඩා වැලපෙමින් සිටියෙ අසරණව.

"එයා මට කොහොවත් යන මිනිහෙක් නෙවෙයි ජිමින්. ටේහ්‍යුන් කිම් කියන මනුස්සයා මගේ හැමදේම වෙලා ඉවරයි. මගෙ ජීවිතේ... මගෙ සතුට. මට පුලුවන් එයා වෙනුවෙන් ඕනෙ දෙයක් කරන්න. මට පුලුවන් එයාට ඕනෙ නම් ක්ලබ් එකක කෙල්ලෙක් වගේ ඇඳගෙන මේකප් දාගෙන යන්නත්. ජිමින් විශ්වාස කරනවාද? ජන්කුක් ජියොන්ට තව කොල්ලෙක් ඉස්සරහ කෙල්ලෙක් වෙන්න පුලුවන් කියලා....?"

ජන්කුක් කෙලින් වෙලා ජිමින්ගෙ උරහිසෙන් අල්ලගෙන මුමුණන කොට පුදුමෙන් බලාගෙන හිටපු ජිමින් හිස සැලුවේ අසරණ විදියට.


" බැහැ. මම දන්නවා ජිමින්ට බැහැ කියලා. ඒත් මට ඒක කරන්න පුලුවන්. මට පුලුවන් එයා වෙනුවෙන් මරන්නත්, එයා වෙනුවෙන් මැරෙන්නත්. ඒත් ඇයි ටේහ්‍යුන්ට මට අකමැති.. හැම දේම සිද්ධ උනාට පස්සෙත් මාව කුණු මාලු කෑල්ලක් ගානට දාලා විසි කරලා දැම්මටත් පස්සෙ ඇයි මාත් එක්ක තවම හොඳින් කතා කරන්නෙ. ඇයි ඒ ගැඹුරු ඇස් ඇතුළෙ හැංගුන තේරුම මම හොයන්නෙ ජිමින්? ඇයි.... ඇයි ඒ අකීකරු හිත මගේ කරගන්න මම වෙහෙසෙන්නෙ ජිමින්... ඇයි"

Roses Are Red || vkook ✓Where stories live. Discover now