කමෙන්ට් ගෝල් - 50 (ඔයාලා කමෙන්ට් දාන්නෙ නැති නිසානෙ මාත් අප්ඩේට් නොකරන්නෙ.... මට කමෙන්ට් දුන්නොත් මාත් ඉක්මනට දෙනවා....)
"නාහෝ කිම් හොඳින් ඉන්නවාද?"
ටේහ්‍යුන් සිනා සෙමින් සොයුරු නාහෝ අසලට ගියා. එදා නාහෝව ජලාශ පත්ලෙ ගිල්වා මරා දැමීමට වෙර දැරුවත් කුඩා ටේහ්‍යුන් එදින, ගම්වාසීන් කුඩා නාහෝව ගොඩ ගත් නිසා එදින නාහෝ බේරුනා වගේම කුඩා නාහෝ එදින කීවේ ටේහ්‍යුන් පැවසූ දිය කිඳුරියන් ඇල්ලීමට ඔහු ජලාශයට ගිය බවයි. ඔහුගේ ඒ පැටලිලි සහගත කතාව නිසා ගම්වාසීන් සේම ටේහ්‍යුන්ගෙ පියා හා කුඩම්මා අනුමාන කලෙ ටේහ්‍යුන් කුඩා නාහෝට දිය කිඳුරියන් ගැන කොහෙන් හෝ අසා දැන ගත් කතන්දරයක් කියා දී නාහෝ ඔවුන් සොයා යන්නට ඇතියි කියලා මිසක කුඩා දරුවෙක් වූ ටේහ්‍යුන්ගෙ සිත තමන්ගෙ සොයුරු මරා දැමීමට තරම් දරුණු වී ඇතැයි කිසිවෙකු අනුමාන කලේ නැහැ.
"හොඳින් ඉන්නවාද?"
ටේහ්‍යුන් ඇසූ ප්‍රශ්නය ප්‍රතිරාවය කල නාහෝ තනිවම හිනා උනා.
"ඇත්තටම මොලෙ ට දෙන ඉලෙක්ට්‍රික් ෂොක් එකෙ වේදනාව ගැන සලකා බැලුවොත් ටේහ්‍යුන් කිම්, මම හොඳින් නෙවෙයි.."
නාහෝ කියද්දී ටේහ්‍යුන් ඔහුට සිනාවකින් සංග්‍රහ කොට ඔහුගෙ ඇඳ අසල වූ පුටුවක් පිටිපස්සට ඇද්දා
"ඒත් මම ජීවත් වෙනවා. තවමත්... උඹෙන් පලිගන්න දවසක් එනකම් , පොරොන්දු වෙන්නම් උඹ විඳවනවා බලන්න පුලුවන් දවසක් එනකම් මම ජීවත් වෙන්න"
" ලොකු කමෙන් කතා කරන්නෙ නහෝ... අද නාහෝ ජීවත් වෙන්නෙ මම නාහෝට ජීවත් වෙන්න ඉඩ දුන්න නිසා. නැත්තං එදා නාහෝට කිම් මහත්තයායි මහත්මියයි එක්කම පරලොව යන්න තිබ්බා"
ටේහ්‍යුන් පුටුව මත වාඩි වී නාහෝ දෙස බලා සිනාසෙද්දී නාහෝ ඔහු දෙස බලාගෙන හිටියේ ගිනිගන්න දෑසින් උවත් ටේහ්‍යුන් ගෙ දෑසේ වූයේ සංසුන් බවක්. කුණාටුවට පෙර අහස පෙන්වන අසාමාන්‍ය නිශ්ශබ්ද බව , න්‍යෂ්ටික බෝම්බයක් පිපිරීමට පෙර පරිසරයේ ඇති වෙන අසාමාන්‍ය නිශ්ශබ්ද බව ටේහ්‍යුන් ගේ සංසුන් දෑසට සමාන වූවා.
YOU ARE READING
Roses Are Red || vkook ✓
Fanfiction" අවශ්‍ය උනොත් මාව මරලා දාන්න පුලුවන් තරමටම මට ආදරය කරන්න පුලුවන් ද ජන්කුකී? " ____ හීන - තේරුමක් ඇති කාලෙක ඉඳන් මම දැක්ක මගේ හීනය. අත පොවන දුරක තියාගෙන , ආදරය වෙනුවෙන් මට අත ඇරලා දාන්න බෑ ජන්කුකී. සමාවෙන්න මට ____ Taekook ( Top Taehyung) Gay love...