අද වැනි විශේෂ දිනයක,
සිතුවිලි අකුරු කරමි,
මෙලෙසින් මම...හදවතට දැනෙන තැන,
හදවත නතර වුණු මොහොතක,
ලබා ගත නොහැකි තරමට,
එකම තැන ලතැවෙන විටෙක,
ලියමි මම ඔබට......විටෙක ඔබ මට මිරිගුවකි,
කිසිදා ලබා ගත නොහැකි,
එහෙත් ශක්තියකි,
බලාපොරොත්තු දෙන මායාවකි.....විටෙක ඔබ මට ඉරකි,
සඳ එලිය කරන තාරකාවකි,
කිසිදා ලංව සිටිය නොහැකි,
එහෙත් ශක්තියකි,
ජීවිතය එලිය කරන ආලෝකයකි.......විටෙක ඔබ මට සඳකි,
මුහුද එලිය කරන ඡායාවකි,
කිසිදා එක් විය නොහැකි,
එහෙත් ශක්තියකි,
අදුරු ජල කද එලිය කල සඳකුමරෙකි......විටෙක ඔබ මට දිලෙන අහසකි,
දුක නිවාලන වෙදැදුරෙකි,
කිසිදා වැලදගත නොහැකි,
එහෙත් ශක්තියකි,
ජීවිතය විදින්න කියා දුන් සුර කුමරෙකි.....විටෙක ඔබ මට මිතුරෙකි,
සිනාසීමට කියා දුන්,
කිසිදා කතා කල නොහැකි,
එහෙත් ශක්තියකි,
සැමදා හදවත තුල ජීවත් වූ සිහිනයකි........විටෙක ඔබ මට ආදරවන්තයකි,
හදවත සුවපත් කල ඖෂධයකි,
කිසිදා මගේම යැයි කිව නොහැකි,
එහෙත් ශක්තියකි,
හදවතට කතා කල ආදරවන්තයෙකි....මෙලෙස වූ ඔබ....
සැම විටම මගේ ජීවනාලියයි,
කිසිදා අත්හල නොහැකි,
ආදරය,
විශ්වාසය,
කියා දුන් ලොවක් බබලන එක් තරුවකි....සැමට සතුට දුන් හත් තරුවේ,
එක් තරුවක් වූ
ජන්කුකීට,
මගේ සුබ පැතුම්...
සුභම සුභ උපන්දිනයක් වේවා!!!
දිගුකල් දිදුලාවී ,
හත්දින්නත් තරුවේ,
එක් තරැවක් වී.......🥺
Borahae
YOU ARE READING
තරුවක් වෙත
Poetryකවදා මුණ නොගැසුණද, හදවතේ හිමිකාරයා ඔබ නම්, ඔබ වෙත ලියමි, සිතුවිලි අකුරු කර, මෙලෙසින්❤️🙂