හදවතේ හඬ ඇසෙයි අහසට
බියේ වෙලෙමින් සුපිපි මලකට
කවුද එන්නේ තමා රැකුමට
නිදහසත් මිලට විකුණු රටකටකුහකකම් නම් ලොවේ හැම තැන
තුරන් කර හැම අනිසි සිත් සත
ධවල පැහැ වූ රෝස මල ලෙස
වෙලමු පිරිසිදු බවින් හදවතවැසි සමයට අහර රැස් කරන
කුහුඹුවන් අපට උපදෙස් දෙනු ලබන
එක්ව සිට ලෝකය ජය ගත හැකි කරුණ
සහජීවනයයි නිවහල් බවේ මිණි පහනස්වයංපෝෂිත මව් බිමක අසිරිය
නොවැටහේ කුණු ලෝබ මිනිසට
නාස්තිය නොව දියුණුවේ දොරටුව
සම්පත් රැකිය යුතුය මතුවටඅමා දහර දිය ගලන්නේ
වෛරයේ ගිනි දලු නිවෙන්නේ
සැමදා එක්වී එක මව් තුරුලේ
උදාර ජාතිය සැමදා වැජඹේනිවහල් නිදහස් මව් දෙරණේ
රැක ගන්නේ පුතු සැම දෙනනේ
නිවහල් පිරිසිදු සිතුවිලි මතු වෙන්නේ
ලොවටම සිහ නද පැතිරෙන්නේහදවත් එකිනෙක යා කරමින්
නිවහල් අදහස් ඇති කරමින්
රටටම සෙත් සිත් ලබා දෙමින්
උදාර පුතු කැල සිනහසෙමින්-koo2006-
YOU ARE READING
තරුවක් වෙත
Poetryකවදා මුණ නොගැසුණද, හදවතේ හිමිකාරයා ඔබ නම්, ඔබ වෙත ලියමි, සිතුවිලි අකුරු කර, මෙලෙසින්❤️🙂