නිම් නැති හීනෙක ,
පාවී යන වලා රෑන ,
හිරු සමගම පොර බදිමින් ,
පොලව ස්පර්ශ කරනු පිණිස ,
මහ සටනක නිරත වුනිලු ....කවදා හෝ තමාට හිමි ,
උරුම තැනක ,
පොලව සිප ගන්න ,
ආස කරපු වතුර ගොන්න
විය ඒ වලා රෑන....සුදුසුම විට ,
සුදුසුම තැන ,
වලා රෑන වතුර බිදු වුණේ ,
පොලව නැමැති හදවතකට ,
නියං සමේ සිසිල දෙන්නලු ,
ඉරි තලාපු ඒ හදවතට ,
ආදරයේ පහස දෙන්නලු ....මොහොතකට ආදරෙන් ,
වෙලුන දෙපල ,
නැවත වරක් ,
වෙන් වුනිලු ,
අහසට ඇද ගත් ,
හිරු කිරණ නිසාවෙන්....සැමට හිමි දෛවය
සනිටුහන් කරමින්....❤️🙂-Koo2006-
![](https://img.wattpad.com/cover/321524040-288-k996894.jpg)
YOU ARE READING
තරුවක් වෙත
Poésieකවදා මුණ නොගැසුණද, හදවතේ හිමිකාරයා ඔබ නම්, ඔබ වෙත ලියමි, සිතුවිලි අකුරු කර, මෙලෙසින්❤️🙂