එකෝමත් එක කාලෙක....

5 0 0
                                    

සාර්ථකත්වය නම් පහන් ටැඹ කරා
යාත්‍රා  කරන නැවක් වූ කල
එය යථාර්ථය පිලිඹිබු කරන්නා වූ තෝතැන්නකි...

රුවලේ ආධාරයෙන් නිවැරදි මග පසුපස
හඹා යන රුවල් නැව වූ කල
එය උසස් බාලිකාව නම් වූ දම් සයුරේ
පන්නරය ලබමින් මිණි පහන්  ටැඹ
සොයා යන්නා වූ
තවත් එක් යාත්‍රාවකි....

සමගිය , සහජීවනය සමග ජීවිත ගමනේ
අප ලද එක් මිහිරි මතක ගොන්නක එකතුවකි....

මුලු පාසලෙත් , එහි අභිමානයත් , එයින් අප ලද දැනුම් ගොන්නත් සංකේතවත් වන මෙය යශෝධරා නිවාසයේ නිල ලාංඡනයයි....

දේශියත්වය අගයමින් , නවීන ලොවත් සමග ගනුදෙනු කරන බාලිකාවක නියෝජනයයි...

රුවල් නැව ,
සත්‍ය  වශයෙන්ම නිවැරදි මග ඔස්සේ ඉදිරියට ගමන් කරයි... සාර්ථක බාලිකාවක් විලසින්..

කොලපත පුවක් ගසෙන් ලබා ගනී
මැදරට ප්‍රධාන ආර්ථික භෝගයක් වන
පුවක් ගස නියෝජනය කරමින් කොලපත
නිල ලාංඡනයේ ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස අපි යොදා ගතිමු....

ආර්ථිකය අධ්‍යාපනයට නිතැතින් බලපෑම් කරන බව දන්නා කරුණකි..එහෙයින්ම
ආර්ථිකය ඉහල නංවන්නා වූ කොලපත
නැවේ කඳ ලෙස  යොදා ගත්තේ
සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියටම එය අවශ්‍ය නිසාවෙනි.....

රැවල් නැවේ කුඹ ගස් තුනකි.
ශක්තිමත් නැව ඉදිරියට ගෙන යෑමට
ශක්තියක් වූ මෙම කුඹ ගස් තුන
බාලිකාවක් තුල තිබිය යුතු
දැනුම
කුසලතා මෙන්ම
ආකල්ප යන සාධක තුන නියෝජනය කරයි..

රැවල , නැව නිවැරදි මග කරා මෙහෙය වන නැවේ අංගයකි...
රැවල සදහා සුදු ලූණූ සිවි යොදා ගනිමින්
පාට , පක්ෂ භේද නොමැතිව
සැමට එකා මෙන් සලකන
ගුරුවරුන් නියෝජනය කිරීම අපගේ අරමුණ විය..

ව්‍යංජනයක් රසවත් කිරීමට අනිවාර්ය කුලුබඩුවක් වන සුදුලුණූ මෙන්ම
දිවි ගමනේ කුසලතා දියුණු කිරීමට ගුරුවරු අත්‍යවශ්‍ය පුරුකක් විය...

කුඹ ගසේ ඇති වර්ණ තුනකින් යුත් ධඡ තුන යශෝධරා , ප්‍රජාපතී හා   විශාකා
යන නිවාස තුනෙහි ඇති සමගිය හා එකමුතු කම නියෝජනය කරයි....

බාලිකාවක් තුල තිබිය යුතු
මැහුම් , ගෙතුම් කුසලතා විදහා දක්වමින්
එක් කර ඇති කහ පැහැති ගෙතුම
බාලිකාවගේ පෞරුෂය මැනවින් ඔප් නංවයි...
එමෙන්ම මෙම කුසලතා කාන්තාවකගේ චරිතය ආරක්ශා කරන්නාක් මෙන්
නිල ලාංඡනයද ආරක්ශා කරයි...

පුරුකෙන් පුරුක එක් වූ
නැංගුරම් දම්වැලත්
එහි අග වූ නැංගුරමත්
එකමුතු කම හා එකමුතුකමේ ශක්තිය පිලිඹිබු කරයි...

සමස්තයක් ලෙස ගත් කල
උසස් බාලිකාවක් නම් වූ දම් පැහැති සයුර මත යාත්‍රා කරන
වාර්ෂික ක්‍රීඩා උත්සවය නම් වූ රුවල් නැව
විදුහල්පතිතුමිය නම් වූ කපිතාන්වරියගේ මෙහෙය වීම මත
පාට, පක්ෂ භේද නොමැති ගුරු ආශිර්වාදය සමග
දැනුම,කුසලතා හා ආකල්ප කැටි කර ගනිමින් එකමුතුකමේ ආදීනව පෙන්වා සාර්ථකත්වය නම් පහන් ටැඹ කරා යන ගමන පිලිඹිබු කරයි...

-koo2006-

🙂🙂🙂

තරුවක් වෙත Where stories live. Discover now