දන්නවද??
ඒක හරි වෙනස් ..
චූටි වචනෙකින්
මූණම හිනාවකින්
පුරවන කෙනෙක් ලග
ඉන්නකොට...
තරහෙන් කියන වචනයක්
පවා හිනා වෙන්න හේතුවක්
වෙනකොට...
තමන්ගේ හැමදේම
දශමෙකින්වත් අඩුවක් නැතුව
දන්න කෙනෙක් වෙනකොට...
හැමදාම වචනයක්වත්
කතා නොකලොත්
හරි හිස් හැගීමක්
දැනෙන කොට...
කොච්චර රණ්ඩු කලත්
පොඩි වෙලාවකටවත්
කතා නොකර ඉන්න බැරි...ඒක හරි ලස්සනයි..
කියා ගන්න බැරි තරමට..
ඒත් දන්නවද??යාලුකමට එහා ගිය
ආදරයට මෙහා නැවතුන
ඒ බැදීමට
තාමත් කවුරුත් නමක් දීලා නෑ...ඒ නමක් නොකියන බැදීම..
ජීවිතයක් වෙනස් කරන
තරමට ශක්තිමත්..
හැබැයි ඒ බව දන්නේ..
ඒ හැගීම විදපු අය විතරයි..🥺🥺-koo2006-
YOU ARE READING
තරුවක් වෙත
Poetryකවදා මුණ නොගැසුණද, හදවතේ හිමිකාරයා ඔබ නම්, ඔබ වෙත ලියමි, සිතුවිලි අකුරු කර, මෙලෙසින්❤️🙂