මහ දහවලක ,
සීත තණ බිමක් මැද ,
වලාවෙන් හිරු ,
ගිලගත් මොහොතක ,
වැතිර සිටියෙමි ,
ජීවිතය එලිය කල ,
සූරියකාන්ත මල සමග ,
නොසිතූ ලෙස ලං වුණිද ,
සුදෝ සුදුවන් ඔබේ රුව ,
සුලඟ සමඟම දිව ගිය ...
වරා මල මෙන් ,
සැඟවුණු රුව සෙව්වෙමි ,
ජීවිතය එලිය කල ...
සූරියකාන්ත මල අමතක කර ,
ලොකු මෝඩකමක් ,
මොලය පවසයි මට...එහෙත්
සොයාගන්න ඔහුව ,
තවම හදවත කෑ ගසයි ,
නමුත් කුමක් කරම්ද ,
සිතා ගත නොහැකි මට ,
අත් හැරිය යුතුය ඔබ දෙපලම ,
වදකාරී සිතුම් මැද ,
කිමද මා තවම ,
සඳ මඩල ස්පර්ශ කර නැත ,......දහවල් හිරු රශ්මියේ ,
දහඩිය වගුරුවමින් ,
නිරන්තර උත්සහයක යෙදුණේ ,
ජීවිතයේ සැනසීම ලබා දෙන ,
සඳ මඩල ස්පර්ශ කිරීමට...බාධාවක් යැයි සිතන්නම් ,
මගේ රෝස මල ඔබ.....ශක්තියක් කර ගනිමින්
සූරියකාන්ත මල....#ourforeverartist...❤️
-koo2006-
YOU ARE READING
තරුවක් වෙත
Poetryකවදා මුණ නොගැසුණද, හදවතේ හිමිකාරයා ඔබ නම්, ඔබ වෙත ලියමි, සිතුවිලි අකුරු කර, මෙලෙසින්❤️🙂