To gloomy_bun

17 4 0
                                    

හීතලට ගල් වූ එක්,
ග්ලැසියර් කන්දක්....!
උණුසුමක් හොයන හදවතක්,
හැගීම් පිටට දෙන්න බැරි
ජීවිතයක්,
විශ්වාස කරනවාද..?
තනියම විදවන
තනියම හැගීම් තියා ගෙන
උණුසුම හොයන
අද්විතීය ලොවක් බව....

උණුසුම දෙන්න පායපු,
හිරු කුමරියක්,
ගල් වූ හදවත,
දිය කරන්න පැමිණි එක්,
සුරංගනාවක්,....!
සීතල ග්ලැසියරයට
ලස්සනම ලස්සනම
ආදරයක්,
උණුසුමක්....!
කොටින්ම කිව්වොත්
ග්ලැසියරය බලාපොරොත්තූ
වූ  උණුසුමක්..!

නූගතුන් නිසා
නැති වූ ලා රශ්මියක්,
දිය කරාවි ග්ලැසියරය,
දැඩි අව් රශ්මියක්,
ආත්මාර්ථකාමී වූ
හිරු කුමරියක්,
ග්ලැසියරය දිය වීමෙන්
ගැලූ විශාල දිය කදක්....?
නැති කරාවි නූගත්
කෘර නර පණුවන්,
ඉතුරු වෙන්නට හිරු කුමරියත්,
තමාත්....

දායාද කරාවි
ග්ලැසියරය තම ආදරය
හිරු කුමරියට,...
වාෂ්ප වී හිරු වෙත
ඇදෙන ජල වාෂ්ප මෙන්,...
නිදහස් කරා තමාගේ බර...
මුහුදට,...
නිදහස ලබන්න,
ආදරය විදින්න,
ලස්සනට ජීවත් වෙන්න,
හැගීම් බෙදා ගන්න,
තව දුරටත්
දෛවයේ රූකඩයක් ,..
නොවෙන්න:!!!!!

හංගං හිටපු,,
ඒ අද්විතීය  ලොව,..
හිරු කුමරිය...
ඉදිරිපිට ඔප දමන්න...
විශ්වාසය
ආදරය
මල් අතු දලු දමන්න...
වෙර දරන ඒ
ආදරණීය
හැගුම් බර
උත්සහවන්ත
ආදරවන්තයෙක්..........

ඒත් හිරු කුමරියත් 
ග්ලැසියරයත්
සොබාදහම නැමැති දෛවයට
යටත් බව
කවදෝ හෝ තේරුම් යාවී....
එදිනට,
අවංක ආදරය...
විශ්වාසය...
හැමදේටම වඩා
ඕනි කරාවි....
විදවන් නැතුව
ජීවිතය විදින්න....❤

ජන්කුක් කියන්නෙ ග්ලැසියරයක් වගේ... ඇතුලේ ලොවක් මවිත කරන රහස් කන්දක් පොදි බැදන් ඉන්න ගොලු ආදරවන්තයෙක්... ඔව් එයා ගොලු ඇති ඒත් ජීවිතය විදින්න ආස කරනවා සාමාන්‍ය  මිනිස්සු වගේම... එයා විශේෂයි හැමෝටම වඩා... සොබාදහම ග්ලැසියරය සීතල ගලක් විදියට මැව්වෙ හේතු ඇතිව බව අපි හැමෝම දන්නවා.. ඒ වගේම ජන්කුක්ව දෛවය නිහඩ චරිතයක් කරන්නත් හේතුවක් ඇති නේද ? ඉතින් ඒ සියුමැලි හදවත රිද්දවන අසරණකමින් ප්‍රයෝජන ගන්න මිනිස්සුන්ව තමා පිලිකුල් කරන්න ඕනි... හායූන් ඒ නිහඩ ආදරයට හේතු වුනු තනිවූ හදවතට සියුම්ව පතිත වුණු ලා හිරු රශ්මිය වගේ... ලෝබයන්ගේ වැඩ නිසා පිච්චෙන තරමට අකාරුණියක වුනත් දවසක් ඒවී ග්ලැසිරයට ආයෙමත් ලා හිරු රශ්මියෙන් ආදරය දෙන...ඉතින් මතුවට දෛවය තීරණ කරාවි
ලොවක් හඩවයිද
හිනස්සයිද කියලා❤🥺

-koo2006-

Gloomy_Bun

(Emotionless puppet)-ff

තරුවක් වෙත Where stories live. Discover now