ඔයා අහගෙනද ඉන්නේ?

14 2 0
                                    

මට.. මට කියන්න ගොඩක් දේවල් තියනවා.. මට මගෙන්ම අහන්න ගොඩක් දේවල් තියනවා.. ඔව්.. තෙරක් නැති ප්‍රශ්න  තොගයක්..

සමහර වෙලාවට මට මාවම අමතක වෙලා යද්දි සමහර වෙලාවල් තිබුණා මම කවුද කියලා මම ඕනිවටත් වඩා දැන ගෙන හිටපු..

මම මගේ හදවතත් එක්ක තරහයි.. ඇයි එයා එච්චර මුරන්ඩු කියලා මොලේ නිතරම වගේ අහනවා. ඒත් මට දෙන්න උත්තර නැති වෙද්දි මම මටත් හොරා නිහඩ වෙලා..

අඩුම මට හිතා ගන්න බෑ ඇයි එයා එච්චර ආදරේ හොයන්නේ කියලා.. ඇත්තටම ඒ මම නෙමෙයි.. ඉස්සර හිටපු මම නෙමෙයි..

මට මොනා වෙලාද කියලාවත් හිතා ගන්න බෑ.. සමහර විට මම ශක්තිමත් ඇති ඒ මුරන්ඩු හදවත පාලනය කර ගන්න.. ඒ නිසා වෙන්න ඇති මම අද මෙතන ඉන්නේ..

ඔව් ඒක ඇත්ත ඉතින්.  අනිත් හැමෝටම කොල්ලෝ ඉද්දි මම තනිකඩයි කියලා කියන කොට නිකන් මදි කමක් වගෙත් දැනෙනවා සමහර විට.. ඒත් ඉතින් මොකටද කියල හිතනවා මට.. අනේ මන්දා...

ඇත්තටම මට ඕනි .. හොද යාලුවෙක්.. මං වගේ හිතන කෙනෙක්.. මගේ ලගින්ම ඉන්න කෙනෙක්.. එහෙම කෙනෙක් කොහෙන් හොයන්න ද දැන් කාලේ ??

තියන තියන හැම බැදීමක්ම ටික ටික පලුදු වෙන්න දගලන කොට මං විතරක් මොකටද ඒවා පරිස්සම් කරන්නේ??

අඩුම ගානේ මට මම ඉන්නවනේ..ඇයි මගේ කොල්ලෝ හත් දෙනා.. එයාලා මට දුන්නු මතක.. ඒ පණිවිඩ..

ඇත්තටම මම ආදරේ කරන්න ඉගෙන ගත්තේ ඔයාගෙන් කූ.. ඒක අමුතුම හැගීමක්. කාටවත් නොකිව්වට.. අමතක කරන්න බැරි මගේ හා කුමාරයා ඔයා අදටත්.. දන්නවද මට ලෝභයි.. ඔයාගේ තැන වෙන කාටවත් දෙන්න..

ඉතින් තනියම ජීවත් වෙන එකත් හොදයි.. මම දන්නවා මම මුහුද නම් ඔයා අහසේ ඉන්න හඳ කියලා. මුහුදේ සිය ගානක් මුතු තියෙද්දේ තාමත් ඔය හඳට මම නොසෑහෙන්න ආදරය කරනවා කියලා..

ඒක වෙනස් කරන්න කාටත් බෑ ඉතින්.. අදටත් දුක හිතුනාම මම හොයන්නේ ඔය පහස කියලා නොදන්නවා වුනාට මගේ දුක නැති කරන්න ඔය කටහඩ , හිනාව හොදටම ඇති..

ලග නැති වුනත් මහ ගොඩක් ආදරේ දැනෙනවා මට.. ඒක මෙහෙයි කියලා නිම කරන්න බෑ.. අඩුම ඔයා මාව දන්නෙවත් නෑ තමයි.. ඒත් මගේ සදාකාලික වේදනානාශකය ඔයා වෙලා දැනටමත්.. මම ඔයාට ගොඩ කාලෙකින් ලිව්වේ නෑනේ කූ..  .. ඒක අඩුවක් මම හිතන්නේ..

කොහොම වුනත්.. මම තාමත් නැති වුණ මාව හොයනවා.. ඔයා දන්නවද?? ඒ නැති වුණ මාව ගේන්න පුලුවන් එකම කෙනා ඔයා විතරක් කියලත් මම දන්නවා..

මට දුකයි කූ.. හැමෝම ඇයි මාව රවට්ටන්නේ කියලා.. එයාලා ඇයි මගේ හදවතත් එක්කම සෙල්ලම් කරන්නේ කියලා.. මම ඔයා එක්කම හිටියා නම් මම අදටත් ගොඩක් සතුටෙන් එහෙම නේද??

අනේ ඔයාවත් ලග හිටියා නම් කියලා හිතෙනවා මට.. එදා මට දැනුනා වගේ.. 🥺🥺🥺🥺🥺

2023/08/10

තරුවක් වෙත Where stories live. Discover now