ජීවිතේ නොහිතපු විදියෙ දේවල් වෙන්නෙ නොහිතපු මොහොතවල් වල..
සමහර විට අපිට ඒ දේවල් නිවැරදි කරන්න බැරි වේවි..ඒත් අපි ඒක උත්සහ කරන්න ඕන..මොකද..ඒක ඔයාගෙ ජීවිතේ නිසා..මේ මගේ කතාව...
මම yun so....වයස 22යි.මගේ පොඩි කාලෙ මන් හුගක් සතුටින් ගෙව්වා මගෙ පවුලෙ අයත් එක්ක.ඒත් අහම්බෙන් වෙච්ච දෙයක් මගේ ජීවිතේ ගොඩක් වෙනස් කලා.අවුරැදු 11ක් අමිහිරි මතකයන් එක්ක මට ජීවත් වෙන්න වුනා.මට මගේ පවුලෙ අයව නැති වුනා.මගේම කියලා මට ඉතුරැ මගේ සහෝදරිය විතරයි.වයස අවුරැදු 11 ලබන්න මට වැඩි දවසක් නොයා මගේ පවුලෙ සේරම අය නැති වුනා. අවුරැදු තුනක් තිස්සෙ අපි දෙන්නම පොඩි කාලෙ ජීවත් වුනේ අනාථ නිවාසෙක.අම්මා තාත්තා නැති ඒ ජීවිතෙ මට ගොඩක් කලකිරැනා.ඒත් ටික කාලෙකට පස්සෙ අපි දෙන්නව ම එක පවුලක් හදාගන්න ගත්තා.එයාලා ගොඩක් කාරැණික අය වුනා.එයාලා මටයි මගේ නංගිටයි අම්මයි අප්පායි නැති අඩුව දැනෙන්න දුන්නෙම නෑ.ඒ පවුලට තවත් එක ලමයෙක් හිටියා.එයා su yen.එයා මට පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ.තාමත් එයා එහෙමයි.
කාලයත් ඉක්මනට ගෙවීගෙන ගියා මගේ පලිගැනීමේ අරමුණත් එක්ක.deen කියන්නෙ drug business කරන කෙනෙක්.එයා නිසා මගේ පවුලෙ සේරම අය මැරැණා.මගේ පවුල විතරක් නෙවේ එයා තවත් පවුල් ගොඩක් විනාස කලා.මන් මගේ පවුලෙ අයත් එක්ක සතුටින් ඉන්න ඕන ගෙදර අද එයා ජීවත් වෙනවා.මගෙ තාත්තගෙ සේරම business එයා යටතට අරන්.මන් අද මන් ජීවත් වුනු ගෙදරට අඩිය තියන්නෙ මගෙ පලිගැනීමේ ආරම්භයක් විදියට.ඒත් මන් මේ ගෙදරට යන්නෙ මගේ අයිතිය ඉල්ලගන්න නෙවේ.මගේ නැතිවුනු පවුලෙ අයට සාධාරණයක් කරන්න.මන් යන්නෙ babysitting කරන කෙනෙක් විදියට.ඒත් මන් එයාව දැකලා නෑ කවදාවත්.හිතේ පොඩි බයකුත් එක්ක මන් ගේට්ටුවෙන් ඇතුලට ආවා.ලොකු security එකක් එතන තිබුනා.වටේ තියෙන දේවල්තුත් බලාගෙන මන් ආවා.මන් ගෙදරට අඩිය තියන්න හදද්දිම එතන security එකෙන් මාව නවත්තලා මාව check කලා.එතනින් පස්සෙ මන් ගේ ඇතුලට ආවා.ඒත් එක්ක ම මාව අවුරැදු 11ක අතීතයට ගියා.මට මගේ පවුලෙ අයත් එක්ක ඉදපු මතකයන් සේරම මැවිලා පේන්න ගත්තා.ඒත් එක්ක ම වගේ මගෙ ඇහින් කදුලු බින්දුවක් වැටුනෙ ආයෙමත් මට ඒ අතීතෙට යන්න පුලුවන්නම් කියලා හිතුනු නිසා.කිසි වෙනසක් නෑ.ඒ තිබුනු විදියමයි.මන් ගෙදර තිබුනු හැම තැනක් ම බැලුවා.ඒත් එක්ක ම අඩි සද්ද ටිකක් ඇහුනු නිසා මන් පඩිපෙල දිහා බැලුවා.deen එක්ක මට පලිගන්න තියෙන තුන්දෙනා ම පඩිපෙලින් බැහැගෙන එනවා දැක්ක ම ඒත් එක්ක ම මගේ හිතේ තිබුනු තරහ තවත් වැඩි වුනා.ඒත් මොනා වුනත් මන් මේ වෙලාවෙ මාව පාලනය කරගන්න ඕන නිසා හොද හුස්මක් ගත්තා.ඒත් එක්ක ම deen මන් දිහා බැලුවා.ඒ රතු පාට ඇස් දකිද්දි තාමත් මාව පිච්චෙනවා වගේ.මගෙ ඉස්සරහින් මාව ගනන් ගත්තෙවත් නැතිව deen එලියට ගියා.වුනු දේ මට නිකම් මොකක්ද වගේ.ඒත් එක්ක ම එතනට එක ගැහැනු කෙනෙක් ආවා.
YOU ARE READING
𝑾𝒊𝒕𝒉 𝒚𝒐𝒖|𝑳𝒆𝒆 𝒇𝒆𝒍𝒊𝒙 𝒇𝒇⚜️completed..
Fanfictionමිනීමරැ වංචාකාර ඝාතකයෙක්... තම දෙමාපියන්ගෙ මරණයට පලිය ගන්න හදන කෙල්ලෙක්... තමන්ගෙ මවට සිදු වුනු අසාධාරණේට පලිය ගැනීමට ඉවසන තරැණයෙක්.... වෙන්ව ගිය මිතුරෙක්... H.H.S.F mafia team එක නැවත ගොඩ නැගී සේරම දේවල් හරිගස්සාවිද...