01 - First meet

835 66 2
                                    


" එහාට වෙයන් මිනිහො... තමුසෙ හිතන් ඉන්නවා වගේ දෙයක් කවදාවත්ම වෙන්නෙ නැහැ.... මට නම් අප්පිරියයි තමුසෙ වගේ තිරිසන්නු... "

ඇස් දෙකත් රතූ කරගෙන මගේ බෙල්ල හිර කරගෙන ඉන්න රයන්ට මම දණහිස නවලා පාරක් දුන්නෙ දවල් අහසෙ තරු දාහක් විතර පෙන්නන ගමන්...

මගෙ බෙල්ලත් අතෑරලා දෙකට තුනට නැවිලා ඉන්න රයන්වත් තල්ලු කරගෙන මම දුවන්න ගත්තෙ ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න....

" ඕකිව අල්ලගනින් කොහොමහරි.... මේ රයන්ට අත උස්සලා බේරෙන්න හිතුවා මදි... අල්ලගනින් ඕකිව. "

බැරි බැරි ගාතේ රයනුත් ගාඩ්ස්ලා එක්කම මගෙ පස්සෙන් පන්නගෙන ආවේ යටිගිරියෙන් කෑ ගගහා. කිලෝමීටර දෙක තුනක්ම දුවලා හොඳ පන ගිහින් උන්නු මට දැනුනෙ මාව පැත්තකට වීසි වෙලා ගියා වගේ හැඟීමක් එක්ක මම මොකේකට හරි හිර උනා.

ඇස් දෙකත් තද කරලා වහගෙන හුස්ම අල්ලන්න දඟලන මන් නිකමට ඇස් ඇරලා බැලුවෙ මම මොකේක හරි හැප්පිලාවත්ද කියලා.

" ආආආහ්හ්හ්හ්හ්... "

" ශ්ශ්ශ්... කෑ ගහන්නෙපා ඕයී "

මගෙ කටත් අතින් වහගෙන මගෙ ඉස්සරහ හිටන් උන්නු කොලුවා කිව්වෙ ටිකක් විතර දරුණු මූනකුත් මවාගෙන.

" ආයීශ්.... යකූ රිදෙනෝ... පිස්සුද බොට ?  "

මට කවුරුත් එහෙම තියා කොහොමටවත් සැර කරනවට කැමති නැති මම ඒකා මොකෙක්ද කියලාවත් දෙපාරක්වත් හිතන්නැතුව අත හැපුවේ එයාට කෑ ගැස්සෙන්නම.

අපි දෙන්නා හිටියෙ බිත්ති දෙකක් මැද පුංචි හිඩසක. පොඩි උමගක් වගේ...

මටත් ඔරවලා අපි ඉන්න තැනින් පොඩ්ඩක් ඔලුව එළියට දාලා බලලා මගේ ඔලුව පිටිපස්සෙන් අත දාලා මාව එයාගෙ පපුවට ළං කරගත්තෙ තවත් පාර දිහා ඉස්සි ඉස්සි බල බල...

ඒත් එක්කම මට ඇහුනා රයනුයි උගේ කට්ටියයි කෑ ගගහා එතනින් දුවනවා....

ඒමි mind:
මේ මොකක්ද මේ වෙන්නෙ... අනේ.... මගේ හාට්ටුව එළියට පනින්න වගේ දැන් නම්..... එ...එයා ළඟින් එන සුවඳ... මාර හැන්ඩ්සම්නෙ අප්පා... කොල්ලෙක්ට පුලුවන්ද මෙච්චර හැන්ඩ්සම් ඇන්ඩ් තියෝ වෙන්න.... ඒකත් එකටම.... ඒ තොල්.... අනේ... මට ඒවා....

Heartbeat 🔞 Where stories live. Discover now