05 - Again ?

551 46 6
                                    


උදෙන්ම ඇහැ උඩට වැටුන හීන් ඉර එළියත් ඇඟට දැනුන බරත් ඔලුවෙන් දැනෙන වේදනාවත් එක්ක මම නැගිට්ටේ ඇස් දෙකත් පොඩි කර කර.

එතකොට තමයි මම දැක්කෙ පොඩි එකා වගේ මගෙ ඇඟ වටේම කකුල් ඔතාන මාවත් යට කරන් නිදාගෙන ඉන්න ජිමින්ව.

" යාහ්හ්හ්හ්.... අයින්ට වෙනවා තඩි වල් තාරාවා.... "

" ආහ්..... මගේ කොන්ද.... "

බය උන පාර මම කෙලින්ම දීපු දැවැන්ත හයේ පාරත් එක්ක ජිමින් විසිවෙලා ගිහින් බිමට වැටුනා...

මට ඒකට දුක හිතුනා. ඒත් මට ඕන උනේ නැහැ එයාගෙන් මට වරදක් උනා කියලා හිතන් මට කරන අනුකම්පාව.

එයා ඉන්න විදිහ දැක්කම මගේ හැඟීම් ඇවිස්සෙනවා උනත් මන් ඒ දේවල් හන්ගගෙන එයාටත් ගස්සගෙන කාමරෙන් එළියට ආවේ දොරත් දඩන් ගාලා සද්දෙන් වහගෙන.

පව් එයා කොන්දත් අල්ලගෙනම කුස්සිය පැත්තට ආවා. මම එයාට කන්න කෑමත් ලෑස්ති කරලා එයාටත් නොකියාම ගෙදරින් ආවා.
.
.
.

එදා දවස නිවාඩු දවසක්. ඒ කිව්වෙ එදා ඉරිදා දවස. ඒ නිසා මායි ලියෝනායි එළියට යන්න කතා වෙලයි හිටියේ.

ඉතින් මම ලියෝනගේ ගෙදරට ගියේ දෙන්නම මගේ කාර් එකේ යමු කියලා කතා උන නිසා.

මම එද්දි කිම් mansion එකේ දොර ඉබේටම ඇරුනේ ලියෝනාගෙ ගෙදර හැමෝම වගේ මාව හොඳට අඳුනන නිසා. මමත් කිසිම බයක් නැතුව කඩාගෙන ගේ ඇතුළටම ගියේ ලියෝනා උනත් මගේ ගෙදරට එන්නෙ ඒ විදිහට නිසා.

ඒත් එක්කම මගේ ඉස්සරහට ආවේ කොණ්ඩෙත් අවුල් කරගෙන shirt එකකුත් නැතුව ඇඟ ගානට හදලා හිටිය ටිකක් උස පොරක්.

මම නිකමට ඔලුව උස්සලා බලන ගමන් කල්පනා කලේ මේ ඉන්නෙ ලියෝනාගෙ ඔප්පා ටේ හ්යුන්ග් වෙන්න ඇති කියලා.

V " යාහ්..... බලන්නෙ එහෙම නැහැ මගේ දිහා.... බැලුවොත් දෙන්නෙ තව අඟල් දෙකක් කොට වෙන්න බොට. "

අපෝයී ඔව්... මේ ඉන්නෙ ඒ ටේ ටේ තමයි. ටේ හ්යුන්ග් ඔප්පා අත් දෙකෙන්ම එයාගේ පපුව වහගන්න ගමන් මට සැර කලේ හරියට මම එයාව රේප් කරන්න හැදුවා වගේනෙ.

Heartbeat 🔞 Where stories live. Discover now