11 - Lost

417 42 4
                                    


" බබා ඔහොම දෙන්නෙක් කිස් කරනකොට disturb කරන්න හොඳ නැහැ."

" යාහ්.... ලියෝනා.... ජිමින් මේ දොර unlock කරන්න. "

" ඒත් බබා.... "

" යාහ්හ්හ්හ්.... "

" හරි හරි ඉතින්. පොඩ්ඩක් ඉන්නකෝ. "

ජිමින් ඉක්මනට කා කී එක සාක්කුවෙන් අරන් දොරවල් ටික unlock කලේ ඒමීගෙන් මැරුම් කන්න බයට.

Liyona " ඒමී.... පොඩ්ඩක් මන් කියන දේ අහන්නකෝ... මේකයි... මේ.... "

ලියෝනා කියාගෙන යන එක නතර උනේ ඒමී පැනපු ගමන් ලියෝනාගෙ කරේ එල්ලුන නිසා.

Emi " චුක්කාහේ.... මේක ටේ ඔප්පා දන්නවද ? "

" ඔව්.... මේ... ටිකක් විතර "

" එතකොට මන් විතරද දැනන් හිටියෙ නැත්තෙ ? "

" මියානේ... ඒමී... මම කියන්න තමයි හිටියේ. ඒත් වෙලාවක් හම්බුනේ නෑ. මියානේ. "

" ඒකට කමක් නෑ.... යා කුක්කා... මගේ යාලුවාව හොඳට බලාගන්න ඕනේ හරිද... නැත්තම් දන්නවනේ.... "

ඒමී එයාගෙ අත මිට මොලවල මහපට ඇඟිල්ල බෙල්ල දිගෙ ගෙනිහින් සන් කරපු දේ තේරුම් ගත්ත කුකියා ඔලුව වැනුවේ හා කියන්න.

ජිමිනා නම් තාම ගල් වෙලා.

" චූටියට හිටියට මෙයා හරි සැරයිනෙ අප්පා. "

ජිමින් කිව්වෙ ඔලුවත් කස කසා. අනිත් අයට නම් ඒකට හිනා.

" ඔයා තාම මෙයාගෙ හැටි දැකලා නැහැ ඔප්පා.... දැක්ක දාට ඔයාට වෙන්නෙ පන එපෝ කියලා දුවන්න. "

ලියෝනා කියාගෙන යද්දි මම ලියෝනාට වැලමිටෙන් එකක් ඇන්නේ අමුවෙන් කන්නද බැදලා කන්නද වගේ බැල්මට් එකකුත් දා ගෙන.

එදා ඉඳන් සතියක් විතර වෙනවා ජිමින් තාමත් අපේ ගෙදර. දවස් ගානක් රෑට කෑම කන්න එන්නෙ නැහැ කියලා කලින් දැනුම් දුන්නෙ නැහැ කියලා ජින් හ්යොන්ග් ගෙදරින් එළියට දාලා. පව් ඉතින්.

එයා නෙවෙයි මම. මේ ටික දවසට මට නම් ඇවිදගන්නත් පන නැති තරම්. කොහෙද මෙයා පී පී තාරා වගේ හිටියට තනිකරම පිස්සුවක්නෙ.

කොටින්ම කියනවා නම් මුල් ළමා විය චුට්ටක්වත් සංවර්ධනය වෙලා නැහැ.

Heartbeat 🔞 Where stories live. Discover now