12 - Beginning

388 39 4
                                    


" Good bye Ryan "

ජිමින්ගේ evil smirk එකත් මුව අග රඳවගෙන ජිමින් කිව්වෙ එච්චරයි.

" ජිමින් හ්යොන්ග්.... ඒමී... "

ජන්ග් කුක් phone එකත් උස්සන් කෑ ගහගෙන basement එකට ආවේ හති දාගෙන.

ඇවිත් ජිමින්ට phone එක දික් කරාම අත්වල තිබුන ලේ පිහාගෙන අවුල් උන කොණ්ඩෙත් හදාගෙන කුකීගෙ අතට පිස්තල් එක දීලා phone එක අතට ගත්තෙ හරි ආදරණීය කටහඬකින් ඒමීට කතා කරන ගමන්.

" ඒමී.... "

" ජි..මි..න්... මාව බලන්න එන්නැද්ද..... තරහා වෙලාද මාත් එක්ක ?.... මම ආය ඔයාට නොකියා කොහෙවත්ම යන්නැහැ ජිමින්.... මියානේ... ජිමින්... මියානේ... "

ඒමී වෙව්ලන හඬකින් කියවගෙන කියවගෙන ගියේ ජිමින්ගෙ හැංගිලා තිබුණ කඳුලු එකින් එක කම්මුල් දිගේ ගලාගෙන යද්දි.

" ශ්ශ්ශ්ශ්.... අඬන්නෙ එහෙම නැහැ මගේ කෙල්ල..  ඉන්න මම ඉක්මනටම එනවා. "

.
.
.

ආත් ඒමීගෙ කෝල් එකෙන් පුලුවන් උනා ජිමින් මිනීමරුවෙක් වෙන එක නවත්තන්න.

ජිමින් ඒමී ළඟින් තත්පරයකටවත් එහාට උනේ නැහැ. ඒමී ළඟින්ම හිටියා. ඒක ඒමීටත් ලොකු සහනයක් උනා.

ඒ අතරේ ජින්ග් කුක් රයන් හිරෙන් ආවාට පස්සෙ කරපු හැම ජරා වැඩක් ගැනම තොරතුරු හොයලා පොලීසියට බාර දුන්නා. ආයමත් රයන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමට නියම උනා. මොකද කොරියාව ඇතුලේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිසිම බුරුලක් නැති තරම්.

සතියකට විතර පස්සෙ ඒමීව hospital එකෙන් discharge කරගෙන ජිමින්ගේ අලුත්ම ගෙදරට ඒමීව අරන් ආවේ තවත් ඒමීව තනියම තියන්න බැරි නිසා.

ඒමී pov:

මට නම් දැන් හොඳටම හොඳයි. ජින් හ්යොන්ග් උනත් කිව්වෙ දැන් සාමාන්‍ය විදිහටම මට මගේ වැඩ කරගන්න පුලුවන් කියලා. ඒත් කොහෙද ඉතින් මේ මෝඩ තාරාවත් එක්ක බැහැනේ.

මට ඇඳෙන් බහින්නත් තහනම් කරලා තියන්නෙ. මගේ හැම වැඩක්ම එයාගෙම අතින් කරන්නෙ හරියට මගේ ඔම්මා වගේ. මම ඇත්තටම වාසනාවන්තයි ජේමින් වගේ කෙනෙක් ලබන්න ඒත් මට දැනෙන මේ වරදකාරී හැඟීමත් එක්ක කවදාවත් මට ජිමින් එක්ක සතුටින් ඉන්න බැරි වේවී.

Heartbeat 🔞 Where stories live. Discover now