09 - Lie

445 45 2
                                    


📲
📞ලියෝනා.. මගේ කෙල්ල ඉන්නවද ? කොහෙද ඉන්නෙ....

📞කලබල වෙන්න එපා ජිමින්. ඒමී දැන් ඉන්නෙ මාත් එක්ක.

📞හරී... ඔයාලා කොහෙද දැන් ඉන්නෙ ?

📞forest park එකේ.

Beep beep

ඒමී pov:

ඇත්තටම මට හිතා ගන්න බැහැ ඇති ජිමින් එහෙම හැසිරුනේ කියලා. මගේ හිතේ ලොකු බරක් පිරිලා වගේ. මට ඕන උනේ ටිකක් නිදහස් තැනකට යන්න.

ඔෆිස් එකෙන් එළියට ආව ගමන් මට මතක් උනේ forest park එක. හිත නිදහස් කරගන්නත් හොඳ තැනක් නිසා දෙපාරක් නොහිතාම මම forest park එකට ආවා.

Car එකත් නවත්තලා park එකටත් ආවාට පස්සෙ තමයි මම දැක්කෙ මගේ phone එකේ battery dead කියලා. කම්මැලිකමට ආයම car එකට නොයා මම park එකට ගිහින් ටිකක් ඇවිද්දෙ හිතේ තියන හැම දුකක්ම මේ ගස් කොළන් එක්ක බෙදා ගනිමින්.

දන්නෙම නැතුව පැයකටත් වැඩිය මම කරලා තියන්නෙ මෙතන ඇවිදපු එක. ඉක්මනට ගෙදර යන්න හිතාගෙන car parking එකට යද්දි තමයි මම දැක්කෙ ලියෝනා කලබලෙන් වගේ කාවහරි හොයනවා.

මම ලියෝනා නම් පිස්සෙක් වගේ කොණ්ඩෙත් අවුල් කර කර කාටද මන්දා බැන බැන park එක ඇතුලට යනවා. මම අත වැනුවත් ලියෝනා මාව දැක්කෙ නැති නිසා මම ඉක්මනට ඉක්මනට අඩිය තියලා ගිහින් ලියෝනගෙ උරහිසින් අල්ලන් හති දාන්න ගත්තෙ දෙකට තුනට වකුටු වෙලා.

" කො... කොහෙද අනේ... ඔච්චර හදිස්සියෙන් යන්නෙ ? "

එච්චරම තමයි මට අහන්න ලැබුනේ මොකද එතනින් එහාට ලියෝනා මට වචනයක්වත් කතා කරන්න දුන්නෙ නැහැ. එයාම කියවගෙන ගියා.

" යායාහ්හ්හ්.... ඒමී..... මමයි ඒක උඹෙන් අහන්න ඕන. කොහෙද ගෑනියේ තෝ අතුරුදන් උනේ. තව ටිකෙන් අර යකා වහ කාලා මැරෙන්නෙ වහ.... "

මේ මල යස්සනී කියවන්නෙ මොන යකෙක් ගැනද දන්නැහැ... ඒත් එක්කම ලියෝනා කාටද මන්දා කෝල් දෙක තුනක්ම අරන් මම ඉඳන් හිටිය බංකුව ලඟට ආවේ මාව එතනම මරන් කන්න වගේ බැල්මකින්.

මට තේරුනා මොනවම හරි ලොකූ දෙයක් වෙලා තියනවා කියලා. ඒ නිසාම මම බිම බලාගෙන හිටියා මිසක් මොකුත් කියන්න ගියේ නැහැ.

Heartbeat 🔞 Where stories live. Discover now