08 - Anger

478 44 6
                                    


" කාලකන්නි බල්ලා....  උඹ වැරදි මිනිහත් එක්කයි හැප්පුනේ... " 🤬

" ජිමින්.... " 🥺

එකපාරටම වගේ මම බය වෙලා ඇහැරුනේ නින්දෙන්ම ඇහුන සද්දයට. මම ඇහැරිලා lights on කරද්දිම ජිමින් මාව තදින් බදාගත්තෙ මම බය වෙලා කියලා දැනගෙන වගේ.

එයාගේ අතින් ලේ ගලනවා. ඒත් එයාට ඒ ගැන ගානක්වත් නැහැ. එයා මාව සන්සුන් කරනවා.

" ඒමී... මගෙ පන.... බය උනාද...? මොකුත් නැහැ මැණික... මගේ අත වැදිලා මල් පෝච්චිය බිඳුනා.... කෝ.... කලබල වෙන්නෙපා... බය වුනාද මගේ පන..... මියානේ.... මගෙයි වැරැද්ද.... "

ජිමින් වෙව්ලනවා. එයා තරහින් ඉන්නෙ ඒත් එයා මාව සනසනවා. මාව පොඩි ළමයෙක් බලාගන්නවා වගේ එයා බලාගන්නෙ.

" ජිමින්.... මොකද උනේ ? "

" මුකුත් නෑ මැණික. "

" මුකුත් නැති වෙන්න බැහැනේ. ඇයි මේ කේන්තියෙන් ? කවුද කෝල් කලේ ? "

" මුකුත් නැහැ ඒමී. මම පස්සෙ කියන්නම්කෝ. "

" හ්ම්. හරි මගෙ මෝචිට කැමති දවසක කියන්න. ඒත් ඊට කලින් මට ඔයාගෙ අත බලන්න දෙනනකෝ. "

" මෝචි....? "

" හ්ම්.... ඇයි කැමති ඒකට නැද්ද ? "

මම ජිමිනීගෙ මූණට එබිලා ඇහුවෙ නළලින් පෙක් එකකුත් තියන ගමන්. එයා නෑ කියන්න ඔලුව වනලා මන් දිහාට අත දික් කරා. එයාගේ අත ටිකක් ලොකුවට කැපිලා. ඒත් ගොඩක් ගැඹුරට කැපිලා නැහැ.

මම ජිමින්ට බෙහෙත් දාලා එයාගේ මූණ දිහාම බලන් හිටියේ එයත් මගේ මූණ දිහාම බලාගෙන ඉද්දී. Job එකක් නොකර ගෙදර ඉද්දි කම්මැලි කමට මම nursing course එකක් කලා. ඒ නිසා මට මේ වගේ පොඩි පොඩි දේවල්වලට තනියම මුහුණ දෙන්න පුලුවන්.

" මෝචි... "

" ම්ම්ම්.... පන.... "

" ඔයාට ඕනම ප්‍රශ්නයක් මාත් එක්ක බෙදා ගන්න පුලුවන්..... හරිද.... කැමති ඕන දෙයක් කියන්න. හිතට දැනෙන හැම හැඟීමක්ම මට කියන්න. "

එයා මුකුත්ම නොකියා මගේ පපුව අස්සෙ මූණ හංගගෙන ඔලුව වැනුවා.

" අම්මේ.... මගේ පණ්ඩිත ආච්චි.... චූටියට ඉඳන් කියන කතා.... මගේ පණ්ඩිත කෙල්ල. "

Heartbeat 🔞 Where stories live. Discover now