අනුෂිද් මිහිදුම් සේනාධීර..... වයස අවුරුදු විසි අටක රජයේ රෝහලක හෙද නිළධාරීයෙක්... ඔහු කුඩා කාලයේ සිටම බොහෝ දුක් කම්කොටළු මධ්‍යයේ ජීවත් වූ තරුණයෙකි.. ඉගෙනීමට වඩාත් දක්ශකම් පෑ ඔහු ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙල, උසස් පෙළ සියල්ල හොදින් සමත් වූවේකි... උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත් වී විශ්ව විද්‍යාල වරම් ලැබූවත් ආර්ථික අපහසුතා නිසාම විශ්ව විද්‍යාලය අතහැර හෙද වෘත්තිය තෝරා ගත්තේය...අනුෂිද් දක්ශ මෙන්ම කඩවසම් තරුණයෙකි... ඔහුගේ කඩවසම් පෙනුම නිසාම සෑම වසරකම ඔහු පාසලේ අවුරුදු කුමාරයා ලෙස පත්විය.. මීට අමතරව පෙනුම නිසා ඔහුට ලැබුනු තවත් වාසිද බොහෝමයකි... පාසලේ තූර්යවාදන කණ්ඩායමේ නායකයා ලෙසත්, ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසත් , ඔහු වසර තුනක්ම ක්‍රියා කලේය... කාගේත් ආදරය ඉක්මනින් දිනාගන්නා ඉතා සුහදශීලි පෞරුෂයක් හිමි අනුෂිද් පාසලේ, ගමේ මෙන්ම, ඔහුගේ හෙද විදුහල තුලද කීර්තිමත් නාමයක් දිනා සිටි අයෙකි...
අනුෂිද් සියල් අතින්ම වාසනාවන්තයෙකු වූවත් ඔහුගේ පවුල නම් අවුල් ජාලාවකි.. ඔහුගේ පියා හිසදරයේ මනුස්ස ස්වරූපය යැයි කීවොත් නිවැරදිය.. ගතවූ වසර විසි අට තුලම අනුෂිද් දැක ඇත්තේ ඔහුගේ දෙමාපියන් සතුටින් සිටින අයුරු නොව ගහමරාගන්නා අයුරුයි... එය ඔහු කෙරේ කෙතරම් බලපෑමක් ඇති කලේද යත් අදටත් අනුෂිද් ආදරය ප්‍රතික්ෂේප කරන්නේ, වසර දහයක ප්‍රේම සම්බන්ධයකින් විවාහ වුනු ඔහුගේ දෙමාපියන්ගේ හැසිරීම නිසයි... වයස අවුරුදු දහසයේදීම පියා ඔහු වෙනුවෙන් මුදල් වියදම් කිරීම ප්‍රතික්ෂේප කරද්දී කුඩා කුඩා රැකියාවන්හි නිරත වෙමින් අධ්‍යාපනය හැදෑරූ ඔහු අද සිටින ස්ථානය සම්පූර්ණයෙන්ම ඔහුගේ මහන්සියේ ප්‍රතිඵලයකි..... මවත් තම කුඩා නැගණියන් දෙදෙනාත් මුළු ලොවම වූ ඔහුගේ එකම බලාපොරොත්තුව කුඩා කල සිටම දුක් පමණක් විදි ඔහුගේ මවටත්, කුඩා සොහොයුරියන් දෙදෙනාටත් සැපවත් අනාගතයක් ලබාදීමයි....
YOU ARE READING
වළා තීරයෙන් එහා
Romanceවළා තීරයෙන් එහා කොහෙද ලෝකයක්..... සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක්....... සිහිල් සහන් සුසුම් සරින් පවන් රොදක් ලෙසින් නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින්...... Non Fan Fiction BL Story