" අනුෂිද් ඔයාව හම්බවෙන්න විසිටර් කෙනෙක් ඇවිත් ඉන්නවා... ශිප්ට් එක ඉවර නිසා ඔයා චේන්ග් කරගෙනම යන්න... "
" විසිටර් කෙනෙක් මේ මට... "
" ඔන්න පහල කා(ර්) පාක් එකේ ඉන්නවලූ.. "
අනුෂිද්ගේ සිත තුල තිබුණේ කුතුහලයකි... නන්නාඳුනන රටක තමා සොයා එන්නට තරම් කෙනෙක් නොමැති බව ඔහු හොදින්ම දන්නේය.. තරුල් දින දෙකකට නගරයෙන් පිටව යන බව පවසා අද උදෑසනම නිවසින් ගිය අතර ඔහු දන්නා ඔහුගේ එකම මිතුරා දැන් ඔහු හා රාජකාරි කරමින් සිටියේය.... ඉතින් ඒ හැර ගතවූ කාලය තුල ඔහු හදුනාගත් කෙනෙක් එරට නොවීය... කුතුහලය සිත තුල රදවාගෙනම නිල් ඩෙනිම් කලිසමට කළු පැහැති අත් දිගු ටී ෂර්ට් එකක් ඇදගත් අනුෂිද් පිටවීම අත්සන් කර ඔහුගේ බෑගයද එක් උරහිසක රදවාගෙන පඩිපෙළ දිගේම පහළට දිව ගියේ අමුත්තාව දැකගැනීමට හදිස්සියෙනි...
දුරකථන ඇමතුමේ සඳහන් කල පරිදි කාර් පාක් එකේ බී කොටසට ආ අනුෂිද්ට ඈතින් ඈතින් නවතා තියෙන රථ දෙකක් හැර වෙන කිසිවක් දකින්නට නොලැබුණි... හිස කරකවමින් හොදින් වටපිට බැලූවත් කිසිවෙකුත් එහි නොසිටි කල එය වැරදීමක් වෙන්නට ඇතැයි සිතමින් අනුෂිද් ඉන් පිටව යන්නට සැරසුණි... එක්වරම වේගයෙන් පැමිණි කළු පැහැති මෝටර් බයිසිකලයක් අනුෂිද්ට ඉදිරියෙන් නතර වූයේ ඔහු අඩියක් පිටුපසට විසිවී යද්දීය...
" හේයි හැන්ඩ්සම්.... ඩූ යූ ලයික් ටු ස්පෙන්ඩ් අ නයිට් විත් මී... "
කළු පැහැති ෆුල් ෆේස් හිස් ආවරණයක් පැළැද සිටි රියදුරු සරාගී කටහඩකින් අනුෂිද් දෙසට නැඹුරුව අසද්දි ඔහු කටට ආ කුනුහරුප නොකියා ගිල ගත්තේ සුද්දන්ට සුද්ද සිංහල නොතේරේන බැවින්ය...
YOU ARE READING
වළා තීරයෙන් එහා
Romanceවළා තීරයෙන් එහා කොහෙද ලෝකයක්..... සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක්....... සිහිල් සහන් සුසුම් සරින් පවන් රොදක් ලෙසින් නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින්...... Non Fan Fiction BL Story