යම් යම් බාධා මතු වූවත් සූදානම් වූ පරිදිම මාද තරුල්ද ගමන් ආරම්භ කළෙමි... නවසීලන්තයේ ඇඩිලේඩ් පෙදෙසට මායිම්ව පිහිටන කුඩා සැගවුණු වෙරළ තීරයක් මා ගමනාත්තය ලෙස තෝරාගෙන තිබුණි.. වාහනයක මගක් දුර ගොස් ඉතිරි කොටස කැලෑබද මාර්ගයකින් ගොස් අවසානයේ ගුහාවක් වැනි පෙදෙසකින් ඇතුල් විය හැකි මනරම් වෙරළ තීරය නිදහස සොයන්නෙකුට අපූරුය..
නිදහස් සුන්දර වෙරළ තීරයත්, ගස් වැල් වලින් වටවූ පරිසරයත්, මා සිත වෙනමම ලොවකට රැගෙන යද්දී තරුල් මා ඉදිරියට විත් කම්මුලක් මත හාදුවක් තබා මා පියවි සිහියට ගෙන එන තුරුම මා සිටියේ සිහින ලොවකය..." ත... තරුල්... "
" ඕ... තරුල් තමයි... කොච්චර කතා කලාද අනේ කන් ඇහෙන්නේ නැද්ද ? මං මේ සෙන්සර් වැඩද කියලා චෙක් කරලා බැලුවේ... "
" සෙන්සර් මං කියන්නේ නෑ ඉතින්.. "
" කියන්නකෝ අයියේ.. මේ මේ බලන්නකෝ මං දිහා... ඔයා මාව කවුරුත් එන්නේ නැති මේ වගේ පාළු තැනකට එක්කන් ආවේ ඇයි අහ්... ඔයාට මං ගැන මුකුත් නරක අදහසක් නෑනේද ? "
" අද උදේ ඇදේ වැරදි පැත්තෙන්ද නැගිට්ටේ තමුසේ... උදේ ඉදන් විකාර කරන්නේ..."
" අද තමා මං හරිම පැත්තෙන් නැගිට්ටේ හුම්..... "
" පේනවා ඒක... "
YOU ARE READING
වළා තීරයෙන් එහා
Romanceවළා තීරයෙන් එහා කොහෙද ලෝකයක්..... සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක්....... සිහිල් සහන් සුසුම් සරින් පවන් රොදක් ලෙසින් නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින්...... Non Fan Fiction BL Story