ඈත අහසේ මළ හිරු බැස යමින් මුළු පරිසරයම ලා තැඹිලි පැහැයකින් වර්ණ ගැන්වෙමින් තිබුණි.... වළාකුළු බැම්මට එහායින් පෙනෙන වැවත්, වැව මධ්‍යයේ වූ කුඩා දූපතත්, වැව දෙසට නැවී තිබුණු විවිධ වර්ගයේ මලින් පිරි තුරුලතාත්, ලා නිල් පැහැති අහසේ තැනින් තැන විහිදි තිබුණු සුදු පැහැති වළාකුළුත්, පරිසරයම වසාගත් ලා තැඹිලි පැහැති ආලෝකයත් දක්ශ සිත්තරුවෙකු ඇදි සිතුවමක් තරම් අනර්ඝව දිස්විය....
මේ ගෙවී යමින් තිබුණේ මාර්තු මාසයේ අග කොටසයි.... එනම් මේ වස්සාන සමයේ ආරම්භයයි... වස්සානයේ ආරම්භය සනිටුහන් කරමින් රෝස පාටින්, ලා දම් පාටින් රොබරෝසියා මල් පොකුරු පිපී මහනුවර නගරයට ආවේණික සුන්දරත්වය තවත් ඔප් නංවමින් තිබුණි.
නටුවෙන් ගිලිහී බිමට ඇද වැටෙන මල් කිහිපයක්ම වරින් වර අනුෂිද්ගේ සිරුරේ ගැටුනේ ඔහුව සිහින ලොවින් මුදවන්නට මෙන් ය.... තම දෑත් මතටම පතිත වූ එක් ලා දම් පැහැති රොබරෝසියා මලක් අතෙහි රදවාගෙනම ඒ නිහඩ මාවත දිගේ අනුෂිද් තනිවම ඉදිරියට ඇවිද ගියේ තව නොබෝ දිනකින් ජීවිතයේ සිදුවන වෙනස්කම් ගැන සතුටක් මෙන්ම චකිතයක්ද සිතේ කොනක දරාගෙනයි...
YOU ARE READING
වළා තීරයෙන් එහා
Romanceවළා තීරයෙන් එහා කොහෙද ලෝකයක්..... සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක්....... සිහිල් සහන් සුසුම් සරින් පවන් රොදක් ලෙසින් නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින්...... Non Fan Fiction BL Story