☁️ නවවන වළාව ☁️

96 18 9
                                    

හදවතින්ම කල ප්‍රේමය දෙදරා ගිය කල එය දරාගැනීම ලොව විශාලතම ගිනි කන්ද පුපුරා ගිය මොහොතක  මහ පොළව එය දරාගන්නා තරම් අසීරු කටයුත්තකි... නමුත් කෙතරම් අසීරු  වුවත් මැදිහත් සිතින් එය දරාගත යුතුමය... දෛවය වරින් වර අප ඉදිරියේ ගෙන එන බාධක, හැලහැප්පීම් මධ්‍යයේ  සිතින්, ගතින් නොවැටී ඉදිරියට යාම ජීවත් වීමයැයි මා වටහාගත්තේ කුඩා කල පටන්ම මා දිවියට හමුවූ අනේකවිධ දුක් කරදර නිසාවෙනි...  නමුදු රිදී හැන්ද මුව රදවාගෙන උපන් තරුල්ට එය තේරුම් ගැනීමට තවත් කෙතරම් කලක් ගත වේ දැයි මා නොදනිමි.. උපන් දා පටන්ම සිතූ පැතූ සියල්ල එක් මොහොතකින් ඔහු අභියසට ගෙන එන්නට තරම් ධනවත්, වාසනාවන්ත දිවියකට උරුම කම් කියූ ඔහූ අහිමි වීමේ වේදනාව, විරහ වේදනාව විදින ප්‍රථම අවස්ථාව මෙයයි... එය ඔහුගේ දිවියේ ඔහුට ලැබුණු ප්‍රථම අභියෝගයි... එය තනිව විද දරා ගැනීමට තරම් තරුල් සිතින් ශක්තිමත්  පුද්ගලයෙකු නොවන බව මා හොදින්ම දනිමි...ඉදින් ප්‍රේමයෙන් ගිලන් වූ හදවතක් ප්‍රේමයෙන්ම සුවපත් කිරීමේ අරමුණෙන් මා හැකි සෑම මොහොතකම තරුල් අසලින්ම රැදී සිටියෙමි...

තරුල්ගේත් ඇගේ පෙම්වතියගේත් ප්‍රේම සම්බන්ධය දෙදරා ගොස් අදට දින පහකි... මුල්ම දිනයේ තරම් නොවූවත් අදටත් තරුල් එම වේදනාව හමුවේ හොරෙන් හඩා වැටෙන යුරු මා අනන්තවත් දැක ඇත... රාත්‍රි නින්දේදි පවා ඇගේ නමින් අමතන යුරුද, ඔහු දමා නොයනා මෙන් කරනා අවිහිංසක ඉල්ලීම්ද මා නොඇසුනා නොවේ... මා ඉදිරියේ මවාගත් සිනාවකින් ඔහු සතුටින් බව පෙන්වීමට කොපමණ උත්සාහ කලත් මින් පෙර ජීවත් වූ  දඟකාර, කටකාර සැහැල්ලු චරිතයක් වූ තරුල් තව දුරටත් මා ඉදිරියේ නොවුනේ එයින් මගේ සිතටද යම් තරමකට දුකක් එක් කරමින්ය.... යළිත් පරණ තරුල්ට පණ පෙවීමේ අරමුණෙන් මා විවිධාකාර සැලසුම් සකස් කරමින් සිටියේ ඔහු නැති පාලුව තවදුරටත් මේ බිත්ති සතර ඇතුලත මටද දරාගත නොහැකි වූ තැනයි...

එදින තවත් එක් සෞම්‍ය කාලගුණයක් තිබූ පැහැබර දිනයකි... නිවසේම රැදී සිටීමෙන් පෙර මතක යළි යළිත් මනසට ඒමේ සම්භාවිතාව වැඩි කරන නිසාම මා සූදානම් වූයේ තරුල්ව ටිකක් ඈත සුන්දර පෙදෙසකට රැගෙන යාමටයි...

වළා තීරයෙන් එහා Where stories live. Discover now