☁️ තෙවන වළාව ☁️

139 22 18
                                    

" තමුසේ හිනාවෙවීම ඉන්නවා.... මං තමුසෙට කෝෆී දෙන්නෙත් නෑ, කූල් මුකුත් දෙන්නෙත් නෑ, අස් කරන්න උදව් කරන්නෙත් නෑ... "

අනුෂිද්ට ගස්සාගෙනම ඔහුගේ කාමරයට ගිය තරුල් හයියෙන් දොර වසා ගත්තේ අනුෂිද්ට ඔහුගේ හැසිරීම ගැන පසුතැවීමක් දැනෙද්දීය...

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

" ඒ මල්ලි තරුල් අහනවකෝ... විහිලුවටනේ කිව්වේ.... දැන් තරහද ඉතින්... "

දැන් විනාඩි දහයක පමණ පටන් අනුෂිද් තරුල්ගේ කාමරයේ දොර අසලට වී තමා කල වරදට සමාව ඉල්ලන්නේය..  නමුත් අහංකාර තරුල් කාමරයට වී ගේම් එකක් ප්ලේ කරමින් සිටියේ ඔහුට මෙතරම් ඉක්මනින් සමාව දී මුලදීම ඔහුව නරක් කරගත්තොත් අනාගතයට එය කරදරයක් වේවියි සිතූ නිසාය...

" මුකුත් ඇහුනේ නෑ වගේ ඉන්න ඕනි... "

තනිව මුමුණමින් තරුල් කකුල් දෙකත් පුටුව උඩට ගෙන ඔහුගේ සුපුරුදු රාජකාරියේම නිරත විය...

" තරුල් මේ තමුසේ ඔහොමද ආගන්තුක සත්කාර කරන්නේ ආහ්... ලංකාවේ අය ඔහොම කරන්නේ නෑ බන්... "

හොදින් කියා බැරිම තැන අනුෂිද් මදක් සැරෙන් කිව්වේ එවරවත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙනි.....

" තමුසේ ආපු ගමන් කට වරද්දගෙන ආගන්තුක සත්කාර නැති කරගත්තට මට කරන්න දෙයක් නෑ.... "

තරුල් කාමරයේ සිටම පිළිතුරු දැක්විය.. 

" යකෝ මේ පොඩි බල්ලගේ තියෙන ආඩම්බරේ..... මගේ එකෙක් වුනානම් දෙනවා හිල් වෙන්න ටොක්කක්... ආපු ගමන් නිසා මුකුත් කියන්න බෑනේ... ඉන්නවකෝ මං හදලා ගන්න තමුසෙව "

අනුෂිද් ඔහුටම කියාගත්තේය... වසර විසි අටක ජීවිත කාලය තුල අනුෂිද්ට මෙලෙස ආඩම්බරකම් පෑ ප්‍රථමයා තරුල් ය... කඩවසම් පෙනුම නිසා අනුන්ට ආඩම්බරකම් පාමින් සිටි අනුෂිද්ට මෙලෙස බැගෑපත් වන්නට සිදු වීම ඇත්තෙන්ම නුහුරු අත්දැකීමක් විය... අනුෂිද් සිතුවේ තරුල් ඔහුට වඩා ලස්සන නිසා මේ ආඩම්බරකම් පානා බවයි... මුලින්ම තමන් කට වරද්දාගත් නිසා කෙසේ හෝ තරුල්ව යාළු කර ගැනීම ඔහුගේ වගකීම බව සිතූ අනුෂිද් යළිත් තරුල්ට කතා කරන්නට විය...

වළා තීරයෙන් එහා Where stories live. Discover now