Anushid's POV
ඇදෙහි හෙඩ් බෝඩ් එකට හේත්තූ වී සැපපහසු නොවූවත් යම් තරමක තද නින්දක සිටි මා අවදි වූයේ කන අසලින්ම මෙන් පුපුරා ගිය හෙණ හඬකින්ය.... මා නිදා සිටි ඉරියව්වත්, ඇතිවූ ක්ෂණික කම්පනයත් හේතුවෙන් මා එක්වරම ඇදෙන් බිමට නොවැටී බේරුනේ උකුල මත වූ බරැති ද්‍රව්‍යක් නිසා මිසක නැතිනම් මේ මොහොත වන විට මා ස්නායු හෝ කොදුඇට පෙළේ ආබාධයක් සහිත රෝගියෙක් වනවා නිසැකය....
සිහිනෙන් මෙන් එක්වරම අවදි වූ මා පියවි සිහියට එන්නට මිනිත්තු දෙක තුනක්ම ගත විය... බෙල්ල හරියාකාරව නවන්නට දිගහරින්නට හෝ නොහැකි වූයේ පෙර දින නිදාගත් ඉරියව්වට පින් සිදු වන්නටය.. ඇඟ මැලි කඩා දමමින් උකුලේ නිදා සිටි තරුල්ව අවදි නොවන පරිදි කොට්ටයක් මත තබා මා ඇදෙන් නැගිට්ටෙ හිරිවැටුණු දෑත් දෙපා වලට මද සහනයක් ලබා දෙමිනි... මහ වැසි ඇද හැලෙන හඬින් පරිසරයම පිරී ගොසිනි...
කාලගුණයද පුදුමාකාරය... ඊයේ වන තුරු එළි පහළියට නොබැසිය හැකි තරම් දැඩි අව් රශ්මියක් සහිත වූ අහස අද කළුම කළු වැහි වළාකුළු වලින් පිරී ගොස්ය.. ඊයේ අහසත් අද අහසත් ගත් කල ඒවා කාන්දමක ද්‍රැවයන් මෙන් ප්‍රතිවිරුද්ධ වී ඇත... එලෙසින් සැනෙකින් වෙනස් වන අහසේත් තරුල්ගේ මුහුණේත් බොහෝ සමානකම් ඇත්තාක් මෙන් මට දැනුනේ ඊයේ උදෑසන දක්වාම සිනාසෙමින් දඟකාරකම් පාමින් සිටි තරුල් අද අඩලම හෙම්බත්ව, විඩාබරව සිටින අයුරු දැකීමෙනි...තරුල්ගේ නින්දට බාධා කිරීමට අවශ්‍ය නොවූවත් යළිත් වරක් ඔහු අසලට ගිය මා ඒ අවුල්ව තිබූ හිසකෙස් යළි සකසා කාමරයෙන් පිටව ගියේ රෝහලට කතා කර නිවාඩුවක් ලබා ගැනීමේ අරමුණෙනි... නමුදු මාසයක සේවා කාල සටහන සාදා නිම කෙරූ පසු අවශ්‍ය අවශ්‍ය පරිදි නිවාඩු ගන්නට හෙද සේවාව තුල ඉඩක් නැත... කළ හැකි එකම දේ වූයේ අද දින රාජකාරි වේලාව වෙනෙකෙකු හා හුවමාරු කර ගැනීම පමණි.. නොදන්නා රටක තනි වූ මට දුකට සැපට සිටින එකම මිතුරා වූ විහස්ගේ අංකය දෙවරක් නොසිතාම මා ඇමතූවේ ඔහු මට උපකාර නොකර මඟ නොහරින බව දන්නා නිසාවෙනි...
ŞİMDİ OKUDUĞUN
වළා තීරයෙන් එහා
Romantizmවළා තීරයෙන් එහා කොහෙද ලෝකයක්..... සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක්....... සිහිල් සහන් සුසුම් සරින් පවන් රොදක් ලෙසින් නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින්...... Non Fan Fiction BL Story