☁️ දෙවන වළාව ☁️

164 26 34
                                    
පේන පේන හැමතැනකම වැඩිපුර කොළපාට පේන, ගන්න හුස්මකත් විෂ වායු නැති නැවුම් බවකින් පිරලා තියෙන, මිනිස්සුන්ගේ ශබ්ද අඩු සොබාදහමේ ශබ්දයන්ගෙන් පිරුණු පරිසරයක උදෙන්ම නැගිටලා අහස දිහා බලාගෙන ඉන්න එක අනුෂිද් කාලේක පටන් දුටු එක් සුන්දරම සිහිනයකි.. ඉතින් දැන් මාසයක පටන් ඔහු දෑස් හරින්නේ ඔහු ඒ දුටු සිහින ලෝකය තුලය...

මේ සුන්දර නවසීලන්තයයි....ලෝකෙන්ම තුන්වෙනියට ලස්සනම රටයි... හරිත පැහැයෙන් වසාගත් මුළු නවසීලන්තයම වට කරගෙන තිබුණු පැසිෆික් සාගරයත් මේ දූපත් සමූහයට ගෙන ආවේ වෙනස්ම සුන්දරත්වයක්... සීතල හිමකඳු මෙන්ම උණු ලෝදිය ගලා හැලෙන ගිනිකඳු ද, නැවුම් තණකොල, කුඩා කැලෑ මලින් හැඩවුනු තැනිතලා මෙන්ම, අහස උසට නැගුණු කඳු පන්තීන්ගෙන්ද, පෙණ කැටි නංවමින් ගලා හැලෙන දිය දහරාවන්ගෙන් මෙන්ම නිස්කලංකව සයුර කරා ඇදෙන ගංගාවන් වලින්ද මෙහි අඩුවක් නැත... දිව්‍යලෝකය කොයි වගේදැයි යමෙක් විමසූවොත් ඔහුව මෙහි කැටුව එන්නට සිතෙන තරම් මෙය සොබා සුන්දරත්වයෙන් අනූන දේශයකි...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වළා තීරයෙන් එහා Where stories live. Discover now