☁️ සයවන වළාව ☁️

123 19 14
                                    

Anushid's POV

එදා නාන කාමරය තුල සිදුවු සිද්දියෙන් පසුව මම මගේ කාමරයට රිංගාගෙන දොර වසා ගත්තෙමි... නැවත තරුල් දෙස, ඔහුගේ දෑස් දෙස සෘජුව බැලීමට මට ලැජ්ජාවක් දැනුණි... ඒ කෙනෙක් මාගේ නිරුවත දෙස එතරම් උනන්දුවෙන් බැලූ ප්‍රථම වතාවයි... කලක් මා මගේ මිතුරාගේ නිවසේ නැවති පාඩම් කරන සමයක ඔහු අහම්බෙන් මෙන් ඔහු මගේ නිරුවත දුටු අතර ඒ හැර අන් කිසිවෙක් මා එලෙස දැක නැත... මෙතුවක් කල් රැකි කුමර බඹසර තරුල්ගේ උකුසු දෑසෙහි බැල්මෙන් බිද වැටුනාදැයි වරෙක මට සිතුනි... එම සිදුවීමම යළි යළිත් මතකෙට නැගි මා නොසන්සුන් කරද්දී, මා වෙනත් දේවල් කෙරෙහි සිත යොමු කරමින් ඒ සිදුවීම අමතක කරන්නට උත්සාහ කලෙමි...

රැය පහන් වන්නට තවත් පැය තුනක පමණ කෙටි කාලයක් තිබියදී, යලි කාමරයෙන් පිටතට නොයා, තරුල් හා කිසිදු කතාවකින් තොරවම එදා රාත්‍රිය මා නිහඩවම ගෙවා දැමුවෙමි...

***********

අනුෂිද්ව එළියට එක්කන් ගිහින් රවුමක් දාලා සුපිරි හෝටලයකින් කන්න අරන් දීලා, පට්ට ෆිල්ම් එකක් බලන්න එක්කන් ගිහින් ආපු තරුල් කොච්චර හොද කොල්ලෙක්ද ? අයියා වෙලත් අනුෂිද් ඒ කොල්ලට මෙච්චර කාලේකට එක ටොෆියක් වත් අරන් දුන්නේ නෑනේ.. අනුෂිද් නම් හෙන ලෝභයෙක්,ඌට අර අහිංසක කොල්ලා හොද වැඩි... තරුල් වගේ හොද මල්ලියෙක් කීයක් විතර වෙයිද දන්නෑ... කතාව කියවන ඔයාලා එහෙම හිතුවා නේද ? මාත් මුලින් ඔහොම ඒවා හිතුවා පස්සේ තමයි ඒ හිතපු ටික අපරාදේ කියලා හිතුනේ... දැන්ම එහෙම හිතන්න  හදිස්සි වෙන්න එපා... තව ටිකක් කියවන්නකෝ...

පසුදා උදෑසන මා සුව නින්දෙන් අවදි වූයේ තරුල්ගේ ටකරං කඩ හඩිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පසුදා උදෑසන මා සුව නින්දෙන් අවදි වූයේ තරුල්ගේ ටකරං කඩ හඩිනි... නිවාඩු දිනයක් වූ නිසා දවල් වෙනතුරු නිදා ගැනීමට දින තුනක පටන් දුටු සිහින බොද කරමින් ඒ කටහඩ ඇසෙද්දි මා දෑස් විවර කලේ තරුල්ගේ මුළු පරම්පරාවම සිතින් මතක් කරමිනි...

වළා තීරයෙන් එහා Where stories live. Discover now