☁️ සත්වැනි වළාව ☁️

143 18 24
                                    

දින, සති ලෙසින් කාලය ඉගිලී යන්නට වූයේ රාජකාරි බහුල කාලයක් ගෙවා දමමිනි... රෝහලටම සීමා වූ දින ගණනාවක් ගත වූවත් පෙරට වඩා තරුල් හා මා අතර තිබූ බැදීම ශක්තිමත් වී තිබුණි... මා නිවසට නොපැමිණෙන රාත්‍රින් බොහෝමයකදී ඔහු මා වෙනුවෙන් රාත්‍රි ආහාරය රැගෙන ඒම පුරුද්දක් කරගෙන තිබුණි... මගේ සියලු ඕනෑ එපාකම් මගේ අනුදැනුමකින් තොරවම ඔහු ඉටු කරලන්නට ගත්තේ ඔහු කෙරෙහි මගේ හදේ උපන් බැදීම සොයුරුදමකට, මිතුරුදමකට එහායින් වූ යම් විචල්‍ය ලක්‍ෂ්‍යක අතරමං කරවමිනි...

වෙහෙසකාරී මසකට පසුව වැඩි නිවාඩු සහිත මාසයක් එළඹී තිබුණි.. නවසීලන්තයට පැමිණ මාස හතරක පමණ කාලයක් දැනටමත් ගත වී අවසන්ය... නමුත් සොදුරු නවසීලන්තයේ මා දෑසින් දැක රසවිදිය යුතු තැන් බොහෝය.. ඇඩිලේඩ් පෙදෙසට ආසන්න තැන් වලත් මට මගහැරුණු තැන් ගණනාවකි.... ඇත්තෙන්ම දෙතුන් වරක් හැර මා නිවසින් චාරිකාවකට කියා පිටව ගොස් නැත... නිවාඩු දිනයත් නිවසටම ගතව යන්නේ වෙනදාට වඩා ඉක්මනින් ය....  තරුල් හා එක්ව සැකසූ  නවසීලන්තයේ සුන්දර ස්ථාන ලයිස්තුවට දිනෙන් දින එක් එක් ස්ථානයන් එක් වූවත් ඒවා නැරඹීමට යාම ප්‍රමාද වූයේ මගේ අධික කාර්‍යබහුලත්වය නිසාමයි..  ඉදින් රාජකාරි අඩු  මේ මාසය තුල අනිවාර්යයෙන්ම සැලසුම් කල සියලු තැන් නැරඹීමට යාමට මා සිතා ගත්තේ මාසයට අදාළ නිවාඩු සටහන මා අතට ලැබුණු මොහොතේදිමයි...

කාර්‍යබහුල දින ගණනාවකට පසුව උදාවූ අද දිනත් එවන් නිවාඩු දිනයකි... සැලසුමට අනුව නම් මේ මොහොතේ මා ඔහු හා සුන්දර දියඇල්ලක් අසල හෝ හරිත කදු ගැටයක් මුදුනේ හෝ සුන්දර නිල්වන් වෙරළ තීරයක හෝ සිටිය යුතුයි.. නමුත් අපගේ සැලසුම් සුනු විසුනු කරමින් තරුල් උදෑසනම නිවසින් අතුරුදන්ව ගොසිනි..... උදෑසන පටන්ම මා නිවසේ සිටියත් එක්වරම ආ ඇමතුමකින් පසුව හදිස්සියේම ඇද පැළදගත් තරුල් කිසිවක් නොකියාම නිවසින් පිටව ගියේ කලබලයෙනි.....

ඔහු පිටව ගොස් දැන් පැය ගණනාවක් ගෙවී ගොසින්ය.... වේලාව රාත්‍රි දහයත් පසුව තිබුණත් තවමත් ඔහු නිවසට පැමිණියේ නැත.. මා ගත් එකඳු ඇමතුමකට හෝ ප්‍රතිචාර නොදැක්වූ ඔහු, යැවූ කෙටි පණිවිඩ වලටද පිළිතුරු එවා තිබුණේ නැත...නැවත නැවතත් ඇමතුම් ලබාදී ඔහුට කරදර කිරීමට අවශ්‍ය නොවූ නිසා මා ඔහු එනතුරු මග බලා සිටියෙමි.. නොදැනීම කාලය ගතවී මධ්‍යම රාත්‍රියත් පසුවී ගොසිනි.. මෙය ලංකාව නොවුනත්, ඔහු කෙල්ලෙකු නොවුනත් මා සිත අනිසි බියකින් වෙලී ගොසිනි... අවසන් වරට මා  ඇමතුමක් ගත්තද  එයද සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ නිසා මා සාලයේම සෝෆා එකෙහි වැතිරුණෙමි....

වළා තීරයෙන් එහා Where stories live. Discover now