පැය දෙකක පමණ සුව නින්දකින් අනතුරුව අනුෂිද් අවදි වන විට දසතින්ම අදුර ගලා එන්නට පටන් ගෙන තිබුණි...එලියේ දැල්වෙන විදුලි බල්බයක එලියක් හැර මුළු කාමරයම අදුරේ ගිලී තිබුණි.....
නින්දෙන් අවදිව දෑස් හැරි පසු මුලින්ම නුහුරක් දැනෙන්නට වූ නිසා අනුෂිද් යළිත් දෑස් වසා, දෑස් පොඩිකර බැලුවේ ඔහු සිටින්නේ කොහේදැයි කියාය...
ඈතින් සියුම් මිහිරි නාදයෙන් ඇසුන සිංහල ගී රාවයකුත්, ගිටාර් වාදනයක සන්සුන් මාත්‍රාවත්, ඔහුට හුරුපුරුදු බවක් ගෙන එද්දී අනුෂිද් සයනයෙන් බැස යන්නට සූදානම් විය... නමුත් ඔහුගේ ඇග සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි පොරවා තිබූ ඩුවට් එකත්, ඔහුව නොවැටෙන්නට මෙන් ඇදේ වැටෙන පැත්තට වන්නට තබා තිබූ කොට්ට දෙකත් ඔහුගේ ගමන අවහිර කරද්දී අනුෂිද් සැනසුම් සිනාවක් මුව දරාගෙනම ඒවා ඉවත් කර බිමට බසින්නට වූයේ වසර ගණනාවකින් කවුරුන් හෝ ඔහු වෙනුවෙන් මෙවැනි සැලකිල්ලක් නොදක්වා ඇති බව මතක් වීමෙනි...
අවුල්ව තිබූ හිසකෙස්ද අතින් සකසා ගෙන, ගී හඩ ඇසෙන දෙසට ඇවිද ආ අනුෂිද් අවසානයේ නතර වූයේ නිවස ඉදිරිපස පඩිපෙළ මත වාඩි වී ගිටාරය වයමින් සිහින් හඩින් මුමුණන රුව අභියසයි...
සුදු පාටට බෙහෙවින් සමාන ලා කහ පැහැති ටී ෂර්ට් එකට කළු පැහැති ලිනන් කොට කලිසමක් ඇද, විදුලි පහන් එලියට පිටුපා සිටි තරුල්ව දුටු අනුෂිද් ඒ සන්සුන් රුව දෙස මදක් බලාසිටියේ එයින් ඇස් ගලවාගත නොහැකිවයි... සියුම් අතැගිලි ගිටාරයේ තත් අතර වේගයෙන් සැරිසරන විට, ඒ හා සමානව ඔහුගේ මුවින් නික්මෙන සුමිහිරි වදන්, ඈත කදුවල හැපෙමින් හමා එන නැවුම් සුළගට එක්වී අමුතුම මිහිරියාවක් ගෙනෙන්නට විය...
KAMU SEDANG MEMBACA
වළා තීරයෙන් එහා
Romansaවළා තීරයෙන් එහා කොහෙද ලෝකයක්..... සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක්....... සිහිල් සහන් සුසුම් සරින් පවන් රොදක් ලෙසින් නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින්...... Non Fan Fiction BL Story