" වහගත්තට වැඩක් නෑ මං දැක්කා.... ම්ම්ම් නයිස් ඩික් අයියා..හ්...."
" තරුල් සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා.. යන්න බැරි නම් ගෙදර ඉන්නවා.. දැන් එහාට වෙලා මගේ කලිසම දෙනවා.."
" දෙන්නම් දෙන්නම්...... හැබැයි දැන්ම නෙවෙයි.. දන්නවනේ තරුල් එකට එක කරන්න හරි දක්ශයි කියලා.. මං මේ විදිහට කොච්චර වෙලා ඔයා ඉස්සරහ හිටගෙන හිටියද ? ඔයා ඉතින් වහගෙන ඉන්න එක අසාධාරණයි නේද ? මාත් මගේ බලතල පාවිච්චි කරන්නද අහ්... "
තරුල්ගේ ක්‍රියාවේ හෝ කතාවේ කිසි ලෙසකින් හෝ විහිලුවක ස්වරූපයක් ගැබ්ව නොතිබුණේ මා තවදුරටත් බිය වද්දමිනි.. මා මාගේ ලිංගිකත්වය කෙසේ වේදැයි තවමත් හරිහැටි නොදන්නේ වරෙක සරාගී ගැහැනු රූප ඉදිරියේ මෙන්ම තවත් වරෙක කඩවසම් පිරිමි රූප ඉදිරියෙත් මගේ හැගීම් ඇවිස්සෙන බැවිනි.. නමුදු මෙතෙක් කලකට මා කිසිවෙකු හා එවන් ගැඹුරු සම්බන්ධයකට එළඹී නැති නිසා මා තවමත් මා පිළිබදව හරියාකාරව නොදනි... නමුත් තරුල් එසේ නොවේ.. ඔහු ප්‍රියකරන්නේ ගැහැනු අයට බව මා හොදින්ම දනී.. මෙතුවක් කල් එකම ගැහැනු රූපයක් වෙනුවෙන් හඩා වැටුනු ඔහු මා ඉදිරියේ මේ කරන සෙල්ලම කුමක්දැයි මට වටහාගත නොහැකිය.. තරුල් ඇත්තෙන්ම ගැහැනු පිරිමි දෙපිරිසටම රිසි පුද්ගලයෙක්ද ? එසේ නම් මාසයක් පුරාවටම ඔහුගේ එකදු නරක බැල්මක් හෝ මා වෙත නොවැටී අද හදිස්සියේම මෙසේ වන්නේ ඇයි ? සිත තුල ප්‍රශ්න රාශියකි.. නමුත් මේ පිළිතුරු සෙවීමට සුදුසු වෙලාවක් නොවේ...
තරුල්ගේ දෙපා දෙසටම යොමු වී තිබූ මගේ නෙත් ඒ දෙපා දිගේ සෙමින් ඉහලට ආවේ ඔහු කරන්නේ ඔස්කාර් සම්මානය ලැබිය යුතු තරම් අගනා රංගනයක්ද, නැතිනම් සැබෑවක්ද යන්න සාක්ෂි ඇතුවම බලාගැනීමටයි.. පොලවට ලම්භකව තිබිය යුතු යම් අවයවක් සුළු කෝණයකින් එසවී පොලවට සමාන්තර වීමට දරන උත්සහයක් මා නෙත් මානයේ සටහන් වෙද්දී මා තව තවත් බිත්තියට හේත්තු වූයේ හැකිතරම් මාව ආවරණය කර ගනිමිනි...
" මොකද අනූ අයියා මේ බය වෙලා හුම්.... ඔයා හෙන චණිඩියෙක්නේ නේහ්... "
මගේ උරහිස් දෙපසින් දෑත් රදවාගෙන මා වෙතටම නැඹුරු වෙමින් තරුල් ඇසුවේ දඟකාර සිනාවක්ද මුව රදවාගෙනය...
BINABASA MO ANG
වළා තීරයෙන් එහා
Romanceවළා තීරයෙන් එහා කොහෙද ලෝකයක්..... සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක්....... සිහිල් සහන් සුසුම් සරින් පවන් රොදක් ලෙසින් නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින්...... Non Fan Fiction BL Story