Chapter 07

231 36 0
                                    

" මාව බේර ගන්න ... මට රිදෙනවා..."

🐰 ඔම්මාආආආ....

අදත් ඒ හීනෙමයි. අවුරුදු ගානක් තිස්සේ ඉදන් පේන හීනේ අදත් ඒ විදියටම ජන්කුක්ට පෙනුනා.
කවුදෝ කෙනෙක් ඇවිත් ජන්කුක්ට කියනවා එයාව බේර ගන්න කියලා.

ඒත් ඒ කවුද?

ඒක නිසා මේ හීනේ දකින හැම වතාවකම ජන්කුක් නැගිට්ටෙ නම් ගොඩක් බය වෙලා.

ජන්කුක් ඇයි මේ හීනෙට මෙච්චරම බය?

ජන්කුක් බයෙන්ම නැගිට්ටෙ මිසිස් සෙරීට කතා කරමින්.

ජියෝන්ගෙ විහිළුවකට සිනහ වෙවී හිටපු සෙරී, යුන්ගි වගේම ජියෝන්නුත් බය උනේ ජන්කුක්ගෙ කෑ ගැහිල්ලට.

සෙරී අතේ තිබුන හැන්දත් විසි කරමින් දුවන් ගියේ අනිත් දෙදෙනත් තමන්ගෙ පස්සෙන් ජන්කුක්ගෙ කාමරේට දුවන් එද්දි.

👸 කුකී...

ඔම්මගෙ කටහඬ ඇහුන ගමන් ජන්කුක් ඇදෙන් නැගිටලා සෙරී ගාවට ගිහින් ඇයව තදින් වැළඳ ගත්තා.

👸 අනේ මොකද පැටියො මේ...

🐰 ඔ.. ඔම්මා...

👸 අදත් ඒ හීනෙමද?

🐰 හ්ම්...

ජන්කුක්ගෙ ඔළුව අත ගාමින් සෙරී බැලුවෙ ජියෝන් දිහා. ඒ දෙන්නා වගේම යුන්ගිත් කල්පනා කරේ කුකී හැමදාම වගේ දකින මේ හීනේ ගැන.

මේ දේ සම්බන්ධයෙන් ජන්කුක්ව ලෝකෙ ඉන්න හොඳම ඩොක්ටර්ස්ලට පෙන්නුවත් ඒ හැමෝම වගේ කිව්වෙ ජන්කුක් මොකක් හරි දෙයක් ගැන ඕනිවට වඩා හිතන නිසා මෙහෙම වෙනවා ඇති කියල.

.
.
.
.
.
.
.
.
.
.
.
.

දවල් කෑමෙන් පස්සෙ ජන්කුක් ආවේ ගාර්ඩ්න් එකේ තියෙන මාපල් ගහ යටට. ඔහු පොඩි කාලේ ඉදන්ම තනියම ඉන්න වෙලාවට එතනට වෙලා කාලය ගත කරන්න පුරුදු වෙලයි හිටියේ.

ටිකක් වෙලා අහස දිහා බලන් ඉඳපු ජන්කුක් ෆෝන් එක අතට අරන් එයා කැමතිම සින්දුව ප්ලේ කරා.

ඒ සින්දුව කියන්නේ ජන්කුක්. මොකද ඒක එයාට ලියලා දෙන්නේ එයාගේ ඒන්ජල්. ඉතින් ජන්කුක්ට ඒ සින්දුව අහන හැම වෙලාවෙම එයාගේ ඒන්ජල් එයාට මේ සින්දුව කියන්න කියලා ඉල්ලපු හැටි මතක් උනා.

𝑂𝑤𝑛𝑒𝑟 𝑂𝑓 𝐿𝑜𝑣𝑒 [ 𝑇𝑎𝑒𝐾𝑜𝑜𝑘 ] On holdWhere stories live. Discover now