🐯 කුකීඊඊඊ... කුකියෝ... කොහෙද අනේ ඔයා... කුකී
ටේහ්‍යුන් ජන්කුක්ට කතා කර කරම පඩිපෙල දිගෙ හිමීට ආවා. හැමතැනම කළුවරයි. ටේහ්‍යුන් බොහොම පරිස්සමෙන් පඩිපෙල ගැට්ට අල්ලන් පහලට ආවත් ජන්කුක්ගෙන් තියා කිසිම කෙනෙක්ගෙන් ටේහ්‍යුන්ට උත්තරයක් ලැබුනෙ නෑ.
🐯 ඔ.. ඔම්මා... අප්පා... ක්.. කොහෙද ඔයාලා.. ජිනී හ්‍යුන්ග්... අනේ කතා කරන්නකො... යුන්ගි හ්‍යුන්ග් ඔයාලා ඉන්නවද? අනේ ඔයාලා මාව දාලා කොහෙ හරි ග්.. ගියාද? ජිමිනි හ්‍යුන්ග් ඔයාවත් කතා කරන්නකො... මට හුගක් බයයි ජුනී හ්‍යුන්ග්... ඔම්මා... අනේහ්...
ටේහ්‍යුන් හැමෝගෙම නම් වලින් කතා කරත් මැන්ශන් එක පුරාම දෝංකාර දුන්නෙ ටේහ්‍යුන්ගෙ කටහඬම විතරයි.
ටේහ්‍යුන්ගෙ පැත්තෙන් එහෙම වෙද්දි තවත් පැත්තකින් මෙහෙම උනා.
🐥 යාහ් පූසෝ... ඔයා මගෙ කකුල පාගන් ඉන්නෙ
🐱 සොරි සොරි
🐹 ජුන්! ඔයා ඔතන තියෙන මුකුත් අල්ලනවා එහෙම නෙවෙයි!
🐨 ඇයි?
🐹 ඇයි අහනනෙ... තමුසෙ මෙතන අල්ලන අල්ලන දේ කඩලා දානවා... මෙතන තියෙන මොකක් හරි අල්ලලා විනාස උනොත්අපේ මුළු ප්ලෑන් එකම අපරාදෙනේ...!!!
ජින් තමන්ගෙ රැප් බැනිල්ල එහෙම පටන් ගනිද්දි ජන්කුක් ඒක ඉක්මනින් නැවැත්තුවා.
🐰 ආයිශ් ඔය කටවල් ටික පියා ගන්නවකො!!! මතකනේ ප්ලෑන් එක... ඔයාලා හතර දෙනා මේක විනාස කරොත් ඔයාලා හතරදෙනාම මගෙන් මැරුම් කන්න බලන් ඉන්න! ඔම්මා... අප්පා... අනේ මේ යක්කු ටිකව බලා ගන්න... මට මුන්ව සත පහකට ශුවර් නෑ...
🐱 යකෝ මූ බලහන්කො
යුන්ගි කළුවරේම කොහෙද අස්සක ඉදන් ජන්කුක්ගෙ පස්සට පයින් එකක් ගැහුවෙ එහෙම කියා ගෙනමයි. ඒකෙන් ටේහ්‍යුන් ගාවට යන්න නැගිටලා හිටපු ජන්කුක්ගෙ කටින් හීන් මිමිනිල්ලක් පිට උනේ එයා විසි උන පාරට වැටෙන්න ගිය නිසයි. යුන්ගි හැර එතන හිටිය අනිත් පස් දෙනාම ඔළුවට අත ගහ ගත්තෙ තව ඩිංගෙන් ප්ලෑන් එකම විනාස වෙන්න ගියපු නිසා. හැබැයි ඉතින් ඒ සද්දෙන් ටේහ්‍යුන්ගෙ නම් කකුල් දෙකත් පණ නැති වෙලා ගිහිල්ලයි තිබුනේ.
YOU ARE READING
𝑂𝑤𝑛𝑒𝑟 𝑂𝑓 𝐿𝑜𝑣𝑒 [ 𝑇𝑎𝑒𝐾𝑜𝑜𝑘 ] On hold
Fanfictionපණ මෙන් අදරේ කරපු කෙනා එකපාර අතුරුදහන් වුණොත්.....