ජන්කුක් උදෙ නැගිට්ටෙ හතරට විතර. ඒ නැගිට්ට වෙලාවෙ ඉදන් තාමත් ජන්කුක් එහාටයි මෙහාටයි ඇවිදින ගමන් කල්පනා කරනවා. ජන්කුක් නිසා ටේහ්‍යුන් හිටියෙත් නැගිටලා. එයාට ජන්කුක්ගෙ මේ වැඩේ නිසා කරකැවිල්ලටත් වගේ ඇවිල්ලයි තිබ්බේ. බලන් ඉදලා බැරිම තැන ජන්කුක්ට කතා කරපු ටේහ්‍යුන් ඇදෙන් බැහැලා ඇවිත් ජන්කුක්ගෙ ඉස්සරහින් හිට ගත්තා.
🐯 මොනාද කුකී ඔය තරමට කල්පනා කරන්නේ? මට කරකැවිල්ලයි වගේ ඔයා එහාටයි මෙහාටයි යන නිසා.
🐰 හීඊඊ... සොරි ටේ
🐯 හොරි හොරි තමයි. පැය හතරයි විනාඩි දහයයි තත්පර තුනක් තිස්සේ ඉදන් ඔයා ඔය එහාටයි මෙහාටයි යන්නෙ... පිස්සුද හැබෑට...
ටේහ්‍යුන් කටත් උල් කරගෙන කිව්වහම ජන්කුක්ට හිනත් ආවා.
🐰මං මේ දෙයක් කල්පනා කරනවා ටේ
🐯 ඒක නම් ඉතින් මටත් පේනවා මෝඩයෝ... ඒකනේ ඇහුවෙ මොනාද කල්පනා කරන්නෙ කියල...
🐰කල්පනා කරන්නේ නේද? මං කල්පනා කරන්නේ ටේ කල්පනා කරන එක ගැන
ජන්කුක් මොන කුනුහර්පයක්ද ඒ කිව්වෙ කියල කල්පනා කරන්න ගත්ත ටේ වෙනම සිහියකට වැටුනා. එයාට තේරුනේ නෑ ජන්කුක් කිව්වෙ මොකක් ගැනද කියලා.
ඒ විදියට තවත් වෙලාවක් ගත වෙද්දි ජන්කුක් උඩ පැන්නේ කෑ ගගහා. ඒකෙන් ටේහ්‍යුන්ද කල්පනා කරන එක නවත්තලා ජන්කුක් දිහාවට හැරුනා.
🐰හරි හරීඊඊඊ මට මතක් උනා... යේ... මේක මතක් වෙන්න ඉතින් මට මෙච්චර වෙලා ගියානේ...
ටේහ්‍යුන් ඇහි බැම එකට ලං කරන් ජන්කුක් දිහා බලන් හිටියා.
🐯 මොනාද ඔයාට මතක් උනේ දැන්?
🐰 හියුන්ගිලවයි අප්පවයි හම්බෙන්න ඕනි කියලා
ජන්කුක් උදෙ ඉදන් කරන මේ පිස්සු වැඩයි, දැන් මේ කියන පිස්සු කතායි නිසා ටේහ්‍යුන්ගෙ නම් ඔළුව හොඳටම අවුල් වෙලයි තිබ්බෙ.
ජන්කුක් ටේහ්‍යුන්ගෙ කොණ්ඩෙත් අවුස්සලා උඩ පැන පැන හිනා වෙවීම කාමරෙන් එලියට දිව්වා.
YOU ARE READING
𝑂𝑤𝑛𝑒𝑟 𝑂𝑓 𝐿𝑜𝑣𝑒 [ 𝑇𝑎𝑒𝐾𝑜𝑜𝑘 ] On hold
Fanfictionපණ මෙන් අදරේ කරපු කෙනා එකපාර අතුරුදහන් වුණොත්.....